අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නගරයේ එක්රැස්වන වැසි ජලය මුහුදට බැස යාමට භුගත නල පද්ධතියක්

    මාර්තු 22, 2017

    කොළඹ නගරයේ එක්රැස්වන වැසි ජලය මුහුදට බැස යාම සඳහා භුගත නල පද්ධතියක් ස්ථාපිත කෙරෙන අප ජලය බැහැර කිරිමේ ව්‍යාපෘතියේ කටයුතු මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව බස්නාහිර හා මහනගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (22)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    ලෝක බැංකු  ආධාර යටතේ ස්ථාපිත කෙරෙන මෙම භූගත නල පද්ධතියේ කටයුතු 2015 ජූනි මාසයේදී ආරම්භ කර ඇති බව පැවසූ නියෝජ්‍ය ඇමතිවරයා
    මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු මැයි මාසය වනවිට අවසන් කර ඔක්තෝම්බර් මාසයේදී කොන්ත්‍රාත් ප්‍රදානය කරන බව පැවසීය.

    නල පද්ධතිය එළිමේ සියළුම පරිසර වාර්තා ලබාගෙන ඇතිබව පැවසූ අලගියවන්න මහතා සංවර්ධන කටයුතු වලින් ඉඩම් අහිමිවන පුද්ගලයින්ට වන්දි පිරිනමන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya