මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාෂාව පදනම් කර ගනිමින් කිසිදු ගැටලුවක් ඇති නොවිය යුතුයි- ජනපති

    ඔක්තෝබර් 24, 2016

    විවිධ භාෂාවන් කතා කරන පිරිස් අතර ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් ලොව සියලු රටවල මෙන්ම අපේ රටේ ඉතිහාසය තුළද සිදු වූ ඛේදජනක තත්ත්වයක් බවත් භාෂාව මනුෂ්‍යත්වයේ හඩ විය යුතු බවත් භාෂා අනුව පංති බේදයක් හෝ සම්පත් බෙදී යාමේ අසාධාරණයක් නොවිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.


    මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පැවති සමස්ත ලංකා දෙමළ භාෂා දින තරඟාවලියේ සම්මාන ප‍්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

     

    සමස්ත ලංකා දෙමළ භාෂා දින සම්මාන ප‍්‍රදානෝත්සවයකට රාජළු නායකයෙකු සහභාගී වූ ප‍්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපතිතුමා මෙම අවස්ථාවට එක්වීම විශේෂත්වයකි.

     

    ඕනෑම භාෂාවක් කතා කරන අයට තමන්ගේ භාෂාවෙන් පරිපාලන කටයුතු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම රජයක වගකීමක් වන අතර එම අයිතිය තව තවත් තහවුරු කිරීමට වත්මන් රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

     

    ඕනෑම ජන වර්ගයකට තම මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට පහසුකම් ලබාදීම ද රජයක වගකීමක් වන අතර එය පිළිගත් ජාත්‍යන්තර සම්මත නීතියක් බව ද ජනාධිපතිතුමා පැවසීය.

     

    එමෙන්ම දෙමළ සහ මුස්ලිම් දරුවන්ට සිංහල භාෂාව ඉගෙන ගැනීමටත්, සිංහල දරුවන්ට දෙමළ භාෂාව ඉගෙන ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා භෞතික සහ මානව සම්පත් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    දෙමළ භාෂා තරඟාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට සම්මාන සහතිකපත් සහ තිළිණ ප‍්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    හිමාලයේ වැඩිම උසක් තරණය කළ බාලදක්ෂ සමූහය වන මහනුවර ධර්මරාජ විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම විසින් ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා දක්වන ලද අනුග‍්‍රහය වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

     

    අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පී. රාධකි‍්‍රෂ්නන්, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya