අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්ගෙන් පැසසුම්

    සැප්තැම්බර් 23, 2016

    යහපාලනය සහ සංහිඳියාව වෙනුවෙන් ශී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ කැපවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මුන් මහතාගේ ඉමහත් පැසසුමට ලක් වෙයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මුන් මහතා අතර හමුව ඊයේ (22) නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණු අතර එහිදී බෑන් කී මුන් මහතා මේ බව සඳහන් කළේය.

    තමා ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේදී ශී‍්‍ර ලංකා රජයත් ජනතාවත් තමන්ට දැක්වූ සුහදශීලි පිළිගැනීම සහ ආගන්තුක සත්කාර පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සහ ශී‍්‍ර ලංකා රජය වෙත සිය ස්තූතිය පළ කිරීමට ද මහ ලේකම්වරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.

    ශී‍්‍ර ලංකාවටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සමස්ත ලෝක ප‍්‍රජාවටත් බෑන් කී මූන් මහතා කළ මෙහෙවර මෙහිදී අගය කළ ජනාධිපතිතුමා විශේෂයෙන්ම පැරිස් සමුළුව හරහා එතුමා කළ සේවය ද ඇගයීමට ලක් කළේය.

    එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකාවට සහය දක්වන ඊට අනුබද්ධ සියලු ආයතන වෙත සිය ස්තූතිය පළ කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya