අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසිය ආරම්භ වෙයි

    සැප්තැම්බර් 20, 2016

    එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසිය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (20) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ඉතා අභිමානවත් අයුරින් ආරම්භ කෙරිණි.

    එක්සත් ජාතින්ගේ මහලේකම් බැන් කී මුන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු සමුළුව සඳහා ශී‍්‍ර ලංකා ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඇතුළු රටවල් 193 ක රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් එක්ව සිටිති.

    සමුළුවේ ආරම්භක දේශනය එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන් කී මුන් මහතා විසින් සිදු කළ අතර සැසියේ ආරම්භක පැය භාගය වෙන්ව තිබුණේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා යන ගමනේ පළමුවෙනි වර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙනි.

    සැසිය අද සිට 26 වනදා දක්වා පැවැත්වෙන අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ශී‍්‍ර ලංකා වේලාවෙන් 22 වනදා අළුයම සැසිය ඇමතීමට නියමිතය.

    මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතන දෙවන අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස මෙන්ම මානව හිමිකම් තහවුරු කරමින් රට තුළ සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට කැපවූ නායකයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ දේශනය සුවිශේෂි වනු ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.

    කරුණු තුනක් හේතුවෙන් මෙවර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය වැදගත් වන අතර ඇමරිකාව හා ජගත් සංවිධානය එක්ව සංවිධානය කරන සරණාගතයින් සහ සංක‍්‍රමණිකයින් පිළිබඳ සමුළුව ඉන් එක් කරුණකි.

    එමෙන්ම ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා එක්සත් ජාතින්ගේ සමුළුව අමතන අවසන් වාරය මෙය වන අතර වසර 10 ක් එක්සත් ජාතින්ගේ මහලේකම් ධූරය දැරූ බැන් කී මුන් මහතා ද මෙවර මහා මණ්ඩල සැසියේ දී සිය අවසන් දේශනය පැවැත්වීමට නියමිතය.

    මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සැසි වාරයට සහභාගී වූ රාජ්‍ය නායකයින් කිහිප පළක් සමඟ අද ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya