මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිණි නිවන රථ හා ගිලන් රථ බෙදා දෙයි

    ජූලි 23, 2016

    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මාතලේ, වව්නියාව, කොළඹ, යාපනේ සහ අම්පාර දිස්ති‍්‍රක්කවල ගිණි නිවන ඒකක සඳහා ගිණි නිවන රථ හා ගිලන් රථ බෙදා දීම සංකේතවත් කරමින් එහි යතුරු භාරදිම ඊයේ (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

    එකක් රුපියල් මිලියන 34 ක් වටිනා ගිණි නිවන රථ දෙකක් සහ එකක් මිලියන 9 ක් වටිනා ගිලන් රථ 05 ක් මෙලෙස එම දිස්ති‍්‍රක්ක වෙත බෙදා දී තිබේ.

    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්න, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි යන මහත්වරුන් සහ නාගරික කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය නිළධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya