මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවේ පලුගස්දමන විවිධ සේවා සමූපකාර සමිතියට නව ගොඩනැගිල්ලක්

    මැයි 31, 2016

    පොලොන්නරුව සේවා මුක්ත කඳවුර මහා විද්‍යාලයේ පැවති ජාතික පරිසර සතිය ප‍්‍රකාශයට පත් කිරීමේ උත්සවයට සහභාගිවීමට පොලොන්නරුව ප‍්‍රදේශයට ගිය ජනාධිපතිතුමා පලුගස්දමන විවිධ සේවා සමූපකාර සමිතියේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ද ඊයේ (30) එක් විය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා 1974 වසරේ සමූපකාර සැපයුම් නිලධාරියෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේ පලුගස්දමන විවිධ සේවා සමූපකාර සමිතියෙනි.

     

    තම ජිවිතය හා බැදුණු සුවිශේෂී ස්ථානයක් වන මෙම ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට ජනාධිපතිතුමා ඉතා සතුටින් යුතුව එක් වූ අතර එහි පැරණි සාමාජිකයින් සමඟ මෙන්ම හිතවතුන් සමඟ ද සුහද කතා බහක නිරත විය.

     

    මේ අතර පලුගස්දමන විවිධ සේවා සමූපකාර සමිතියේ ග‍්‍රාමීය බැංකුව, ග‍්‍රාමීය බැංකු පරිගණක පද්ධතිය හා ජාලගත කිරීම ද ජනාධිපතිතුමා අතින් සනිටුහන් කෙරිණි.

     

    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya