මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාක්ෂණ විද්‍යා පීඨය ක්‍රමවත්ව හා විධිමත්ව ස්ථාපිත කිරීමට කටයුතු කරනවා

    මැයි 17, 2016

    කුලියාපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත තාක්ෂණ විද්‍යා පීඨය ක්‍රමවත්ව හා විධිමත්ව ස්ථාපිත කිරීමට  කටයුතු කරන බවත් එය ප්‍රමාද නොකරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.


    පැවැති රජය විසින් හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත තාක්ෂණ විද්‍යා පීඨයට කැබිනට් අනුමැතියක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද (17) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ස්ථාවර නියෝග 23(02)ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමිනි.

    එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් තාක්ෂණ ගුරු පුහුණුව සඳහා තාක්ෂණ විද්‍යාපීඨයක් සඳහා  කැබිනට් අනුමැතිය ලබාගෙන තිබුණේ නෑ. දැනටමත් තාක්ෂණ පීඨයක් සඳහා කොරියානු ආධාර හා කොයිකා ආධර යටතේ 2017වනවිට විද්‍යාපීඨයක් ආරම්භ කිරීමට කටයුතු කරගෙන යනවා. කොළඹින් පිට වයඹ විශ්වවිද්‍යාලය,කුලියාපිටිය ප්‍රදේශයේ මේ කටයුතු සිදු කෙරෙනවා.විද්‍යාපීඨය ප්‍රායෝගික පුහුණුවට අවස්ථාවට සලසා දීමට කටයුතු කරන බවත්, තාක්ෂණ විද්‍යා පීඨය ක්‍රමවත්ව හා විධිමත්ව ස්ථාපිත කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya