මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක තරුණ සමුළුවට ජනපතිගෙන් ආශිර්වාද

    මාර්තු 27, 2014
    2014 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ලෝක තරුණ සමුළුව පිළිබඳ පණිවුඩය දින 40ක් තුළ රටවල් 18ක තරුණ තරුණියන් කරා නිල වශයෙන් රැගෙන යන්නට ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සූදානම් වෙයි.
     
    එහි ප්‍රධාන ලේකම් සමන් කුමාර රණවීර මහතා ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර ඔවුන් ඊයේ (26) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
     
    ශ්‍රී ලාංකේය කීර්තිනාමය ලොව පුරා රැගෙන යන්නට මෙහිදී ආශිර්වාද පැතූ ජනාධිපතිතුමා ජාතික ධඡය ද ඔවුන් වෙත භාර දුන්නේය.
     
    ලෝක තරුණ සමුළුවේ ප්‍රධාන කමිටුවේ සම සභාපතිවරුන් වන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන්ද අමාත්‍ය ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya