මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තාවන් හා දරුවන් ආරක්ෂා කිරීමට රජය කැප වෙනවා - ජනපති

    මාර්තු 08, 2016

    කාන්තා අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද පිළිබඳ රජයක් ලෙස සෑමවිටම ඉතා ඉහළ වගකීමකින් කටයුතු කරන බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    කාන්තාවන් සහ දරුවන් සමාජය තුළ සුරක්ෂිත කරමින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව රජය සෑමවිටම කැපවීමෙන් කටයුතු කරන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අද (08) පෙරවරුවේ අම්පාර වීරසිංහ කි‍්‍රඩාංගණයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ප‍්‍රධාන සැමරුම් උත්සවය අමතමිනි.

    අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ‘සවිබල කතක් – තිරසර හෙටක්’ මැයෙන් මෙය සංවිධානය කර තිබුණි.

    උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අද අපේ කාන්තාව මවක්, සහෝදරියක්, බිරිඳක් සහ දියණියක් යන භූමිකාවන්ට පමණක් සීමා නොවී සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ආදී සෑම ක්ෂේත‍්‍රයකම පුළුල් කාර්ය භාර්යක් ඉටු කරමින් සිටින බවයි.

    අපේ රටේ මුළු ජනගහනයෙන් සියයට 52 ක් නියෝජනය කරන කාන්තා පරපුර රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ද ඉහළම දායකත්වයක් ලබාදෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා අද ශී‍්‍ර ලංකාවට විදේශ විනිමය උපයා දෙන ප‍්‍රධාන මූලාශ‍්‍ර සියල්ල කාන්තා ශ‍්‍රම දායකත්වය මත පවතින බවත් ඔවුන් ශක්තිමත් කරමින් පුහුණු විශිෂ්ට ශ‍්‍රම බලකායක් බවට පත්කිරීමට නව රජය වැඩසටහන් රැසක් දියත් කර තිබෙන බවත් පැවසීය.

    ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ ධන සවිය වැඩසටහන යටතේ කාන්තාවන් 06 දෙනෙකුට අපනයන භෝග පැළ ලබා ගැනීමේ හිමිකම් පත‍්‍ර සංකේතාත්මකව ලබාදීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ ක‍්‍රියාවලිය යටතේ මහජන බැංකුව විසින් අම්පාර දිස්ත‍්‍රික්කයේ තෝරා ගන්නා ලද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකාවන්ට සංකේතවත් කරමින් කාන්තාවන් 05 දෙනෙකු සඳහා ණය ප‍්‍රදානය කිරීම ද, නිවාස අමාත්‍යාංශය මගින් වැන්දඹු හා ගෘහ මූලික කාන්තාවන් සඳහා නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය සංකේතවත් කරමින් කාන්තාවන් සිව් දෙනෙකුට හිමිකම් පත‍්‍ර ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    ප්‍රෞඪ අභිමානවත් ශ‍්‍රී ලාංකීය කාන්තා පරපුරක් බිහි කිරීමේ උදාර මෙහෙවරේ නියමුවාණන් වන ජනාධිපතිතුමා වෙත 2016 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීම කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අතින් සිදුවිය.

    අමාත්‍ය දයා ගමගේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු, නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්තී‍්‍රනිවරියන්වන ශී‍්‍රයානි විජේවික‍්‍රම, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, තුසිතා විජේමාන්න, නැගෙනහිර පළාත් ඇමතිනි ආරියවතී ගලප්පත්ති යන මහත්ම මහත්මින්ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න මහත්මිය ඇතුළු පිරිසක්ද, කාන්තා සංගම් නියෝජනය කරමින් කාන්තාවන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya