මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චිත්‍රපට ශාලා ඩිජිටල්කරණය කිරීම රජය මැදිහත් වී සිදු කරනවා

    පෙබරවාරි 26, 2016

    චිත්‍රපට ශාලා ඩිජිටල්කරණය කිරීම දීර්ගකාලයක් තිස්සේ කතා කළත් එට සිදු නොකෙරුණු බවත් රජය මැදිහත් වී එය සිදු කරන බවත් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    චිත්‍රපට තේරීමේ නියාමන මණ්ඩලය පිළිබඳව විමසූ පැනයට පිළිතුරු දුන් අමාත්‍යවරයා,ඒ පිළිබඳව අද සාකච්ඡා කළා.ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කරමින් යනවා යැයි පැවසී ය.

     

    චිත්‍රපට ශාලා ඩිජිටල්කරණය පිළිබඳ විමසූ පැනයට පිළිතුරු දුන් අමාත්‍යවරයා,ඩිජිටල්කරණය කිරීම අගෝස්තු මාසය වනවිට කටයුතු දැනගන්නට පුළුවන්.දීර්ගකාලයක් තිස්සේ කතා කළා විතරයි,සිදු කෙරුණේ නෑ. එය අපි කරනවා. රජය මැදිහත් වී සියල්ල කරන්නේ. රජය තමයි මැදිහත්වෙන්නේ යැයි ද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya