මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව තාක්ෂණය ගෙන ඒමට දියුණු රටවල් සමඟ ගිවිසුම් අත්සන් කළා - ජනපති

    පෙබරවාරි 26, 2016

    හෙට දවසේ අසමත් නොවී ලෝකයේ දියුණු රටවල දරුවන් සමඟ ඉදිරියට යාමට ශී‍්‍ර ලාංකීය දරු පරපුරටද අවස්ථාව සලසා දෙමින් නව තාක්ෂණය රට තුළට ගෙන ඒම සඳහා රජය මේ වන විට ලෝකයේ දියුණු රටවල් රැසක් සමඟ ගිවිසුම් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පැවසීය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මාළඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප‍්‍රදානෝත්සවය ඊයේ (25) එක් වෙමිනි.

    පසුගියදා තමන් ජර්මනියේ සහ ඔස්ටි‍්‍රයාවේ සිදු කළ නිල සංචාරවලදීද එම රටවල උසස් තාක්ෂණ දැනුම ශී‍්‍ර ලංකාවට ලබා ගැනීම පිළිබඳ මෙන්ම එම රටවල් සමඟ අධ්‍යාපන හුවමාරු වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට අදාළ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූ බවද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

    රටේ දරුවන් නව තාක්ෂණ දැනුමෙන් සහ අධ්‍යාපනයෙන් සන්නද්ධ කරමින් ඔවුනට හෙට ලෝකය ජය ගැනීම සඳහා සියලු ඉඩ ප‍්‍රස්ථා විවර කර දෙන බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya