සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජාතන්ත්‍රවාදී රාමූව තුළ සටන් කිරීම ගැන වතුකරයේ ජනතාවට ස්තූතිවන්ත වෙනවා-අමාත්‍ය නවීන් දිසානායක

    පෙබරවාරි 25, 2016

    කිසිම කැරැල්ලක් නැතිව ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී රාමූව තුළ සටන් කිරීම ගැන වතුකරයේ ජනතාවට ස්තූතිවන්ත වෙනවා යැයි''වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා, අද (25) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගෙනා සභාව කල්තබන අවස්ථවේ යෝජනාවේ විවදයේ අඳහස් දක්වමිනි.


    රටේ ආර්ථිකයකට විශාල දයකත්වයක් ලබා දෙන වතු ක්ෂේත්‍රයේ ජනතව මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමු කරමින් අද (25) පාර්ලිමේන්තුවට, විපක්ෂයේ ප්‍රධන සංවිධායක අනුර කුමාර දිසානයක මහතා විසින් සභව කල්තබන අවස්ථාවේ යෝජනාවක් විවාදයට ඉදිරි පත් කළේ ය.

     

    වතුකරයේ,නුවර එළියේ දුප්පත් දමිළ ජනතාවගේ දුක අපි දන්නවා. අපි අපේ ආසනයේ අසරණ ජනතාවගේ දුක

    දන්නවා. උතුරේ,දකුණේ කැරලි දෙකක් තිබුණා.එහෙත් කිසිම කැරැල්ලක් නැතිව ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී රාමූව තුළ සටන් කිරීම ගැන වතුකරයේ ජනතාවට ස්තූතිවන්ත වෙනවා.ඒ නිසා වතුකරයේ ජනතාවට සැමදෙයක්ම කළ යුතුයි.

     

    වතුකරයේ ජනතාවට වැටුප රුපියල් 750-770ක් ලැබිය යුතුයි කියලා කියනවා. වතුකරයේ ජනතවට තමන්ගේම ඉඩමේ අයිතිය ලබාදිය යුතුයි. එය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ගැන සාකච්ඡා කර විසඳුම් ඇති කර ගත හැකියි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya