මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මනාප ගැන නොසිතා ජාතික අරමුණු වෙනුවෙන් කැපවීම දේශපාලනඥයින්ගේ වගකීම බව ජනපති පවසයි

    ජනවාරි 23, 2016

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හෝ වසර 05 කින් එන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබදව නොසිතා පොදු මහජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් නිසි කලට අකුරටම ඉටු කිරීමට කැපවන ලෙසද ජනාධිපතිතුමා මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම ඉල්ලීම සිදු කළේ පුත්තලම සාලියවැව ආදර්ශ මහා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමේ උත්සවයට ඊයේ (22) පෙරවරුවේ එක් වෙමිනි.

     

    මනාප අහිමි වනු ඇතැයි බියෙන් ජනතා යහපත වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ කල් නොදැමිය යුතු බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා සංවර්ධනයේදී නිවැරදි තීන්දු තීරණ ගැනීමට කිසිවෙකු බිය නොවිය යුතු බවද ප‍්‍රකාශ කළේය.

     

    දිවයින පුරා පවතින ගුරු ගැටථව පිළිබදව අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අතිරික්ත ගුරුවරුන් පුරප්පාඩු ඇති ප‍්‍රදේශ වෙත ස්ථානගත කිරීමට නිසි තින්¥ තිරණ ගැනීම දැඩි අවශ්‍යතාවයක් බවට පත්ව ඇති බවයි.

     

    පුත්තලම දිස්ති‍්‍රක්කයේ අධ්‍යාපනය තුළ පවතින ගැටලූ හේතුවෙන් කුරුණෑගල දිස්ති‍්‍රක්කයට සීමා වී තිබූ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරය තමා මෙවර පුත්තලම දිස්ති‍්‍රක්කයට ලබාදුන් බව පැවසූ ජනාධිපතිතුමා සියලූදෙනා එක්ව දිස්ති‍්‍රක්කයේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට කටයුතු කළයුතු බව ප‍්‍රකාශ කළේය.

     

    තමාට සමස්ථ රට වෙනුවෙන්ම ඇත්තේ එකම න්‍යාය පත‍්‍රයක් බවද පැවසූ ජනාධිපතිතුමා පෞද්ගලික න්‍යාය පත‍්‍රයක් තමාට නොමැති බවත් තමාට වැදගත් වන්නේ තවත් වසර 05 කින් තමා සිටින ස්ථානය නොව ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස මාතෘ භූමිය තිබිය යුතු ස්ථානය බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

     

    පුත්තලම සිද්ධාර්ථ ප‍්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් විසින් එම පාසලේ අඩු පාඩු ඇතුළත් වාර්තාවක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ලබා දුන්හ.

     

    ඒ පිළිබද අවධානය යොමු කළ ජනාධිපතිතුමා එම අඩු පාඩු කඩිනමින් සපුරාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා වෙත සහ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා වෙත උපදෙස් ලබා දුන් අතර ඒවා කඩිනමින් සොයා බලා ඉටු කරන බවට ඔවුන් මෙහිදී ජනාධිපතිතුමා ඉදිරියේ දෙමාපියන් වෙත පොරොන්දු වූහ.

     

    ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් සමරු තිළිණයක් ප‍්‍රදානය කිරීමද විදුහල්පතිවරයා අතින් සිදු විය.

    මේ අතර පුත්තලම තබ්බෝව මහා විද්‍යාලයේ ඉදිකළ නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීම ද අද පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් ආදරයෙන් පිළිගත් අතර නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවකද නිරත වෙමින් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබද විමසා බැලීය.

     

    2015 වසරේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව විශ්ව විද්‍යාල වරම් ලැබූ දරුවන් තිදෙනෙකුට තිළිණ ප‍්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    මේ අතර රුපියල් ලක්ෂ 150 ක වියදමින් ඉදිවූ පුත්තලම, කරුවලගස් වැව නව රංග ශාලාව ජනතා අයිතියට පවරාදීම ද  පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා, රාජ්‍ය අමාත්‍යවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, පි‍්‍රයංකර ජයරත්න යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya