මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනාව

    අගෝස්තු 02, 2015

    කොළඹ ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වස් වාසය කරන භික්ෂූන් වහන්සේලා වෙත වස් ආරාධනා කිරීමේ පිංකම පසුගියදා ඇසළ පුන් පසළොස්වක පොහෝ දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය පූජ්‍ය මීතලාවේ විනීත ස්වාමීන් වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා වෙත දැහැත් ගොටුව පිළිගන්වා වස් ආරාධනා කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ භික්ෂූන් වහන්සේලා 14 නමක් මෙම වස්කාලය තුළ වස් සමාදන් වීමට නියමිතය.

    කම්මට්ඨානාචාර්ය මීතලාවේ විනීත ස්වාමීන් වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා විසින් මෙහිදි සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya