මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන සංවිධායකවරු පත් කෙරේ

    අප්‍රේල් 25, 2015
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරු පස් දෙනෙකුට පත්වීම් ලිපි භාරදීම ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.
     
    ඒ අනුව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා බිංගිරිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙසද,  අම්පාර නගරාධිපති ඉන්දික නලින් ජයවික්‍රම මහතා අම්පාර (දකුණ) ආසනය සඳහා ද, දැදිගම ආසනය සඳහා සම සංවිධායක ලෙස සබරගමුව පළාත් සභා මන්ත්‍රි උදයකාන්ත ගුණතිලක මහතා ද, දැදිගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ලෙස වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති කිත්සිරි විජේතුංග මහතා ද පත්වීම් ලිපි ලබා ගත්තේය.
     
    වත්තල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා මහතා පත්වීම් ලිපිය ලබාගත්තේය.
     
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya