අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට අදත් වැසි Featured

    නොවැම්බර් 28, 2014

    අද (28) දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට මන්නාරමට රත්නපුරයට මහනුවරට නුවරඑළියට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට මඩකළපුවට ත්‍රිකුණාමලයට නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    යාපනයට වැසි වාර කිහිපයක් ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වන විට මි.මී. 36.6ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 59.6ක වර්ෂාපතනයක් හම්බන්තොටින් ද මි.මී. 54.0ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 31.4ක වර්ෂාපතනයක් බන්ඩාරවෙලින් ද මි.මී. 92.3ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 112.1ක වර්ෂාපතනයක් යාපනයෙන් ද මි.මී. 33.8ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 28.8ක වර්ෂාපතනයක් කටුනායකින් ද මි.මී. 39.0ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමෙන් ද මි.මී. 29.3ක වර්ෂාපතනයක් මන්නාරමෙන් ද මි.මී. 10.3ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 63.8ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 16.4ක වර්ෂාපතනයක් පොතුවිල්වලින් ද මි.මී. 51.8ක වර්ෂාපතනයක් ත්‍රීකුණාමලයෙන් ද  මි.මී. 34.9ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද මි.මී. 13.6ක වර්ෂාපතනයක් මොනරාගලින් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 29.0°C කොළඹ, ගාල්ල, රත්නපුර, හා යාපනයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.8°C යාපනය ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.3°C බන්ඩාරවෙලින් ද මි.මී. 151.5ක උපරිම වර්ෂාපතනය පොතුවිල් පානම ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya