මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ජනපතිතුමන්ගේ විජයග්‍රහණය කිසිදු බලවේගයකට ආපස්සට හැරවිය නොහැකියි ”

    නොවැම්බර් 26, 2014

    උතුර දකුණ යා කරමින් රටට සාමයේ අරුණළු උදාකළ මහින්ද රාජපක්ෂ ජනාධිපතුමන් ඉදිරි ජනාධිපතිවරණයේ දී ලබන ඓතිහාසික විජයග්‍රහණය ආපසු හැරවීමට මේ රටේ කිසිඳු බලවේගයකට ඉඩක් නැතැයි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

    රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 110 කට රන්බිම ඉඩම් ඔප්පු සහ බලපත්‍ර බෙදාදීම වෙනුවෙන් රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසුගියදා පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා මෙම අදහස් පළ කළේය.

     

    උතුරේත් දකුණේත් ජාතික ධජය එසවූ නව යුගයක් බිහිකර හෙට රටේ භාරකරුවන්ට සමෘද්ධිමත් මව්බිමක් උදා කරදීමේ උදාර සංකල්පය ක්‍රියාත්මක කර රට සංවර්ධනයේ ඉහළටම ඔසවමින් අසමසම නායකත්වයේ තේජස ලොවටම පෙන් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් එදත්, අදත්, හෙටත් මේ රටේ නායකයා බව අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

     

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා,

     

    “මේ රටේ දරුවන්ට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තරම් ආදරය කළ නායකයෙක් මීට පෙර බිහි වී නැහැ. විපක්ෂය කුමන පදනම් විරහිත චෝදනා නැගුවත් අද රටේ සංවර්ධනය හෙට අපේ දරුවන්ට හිමි වෙනවා.

     

    මැදවච්චිය ආසනයේ ජනතාව රට පාවාදෙන පිරිසක් නොවෙයි. කුමන පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගියත් ජනතාවගේ ආශිර්වාදයෙන් බලයට පැමිණි දේශපාලඥයන්ට තම පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් පක්ෂය හෝ රට පාවාදීමට ජනතාව ඉඩ නොදෙන බව අවබෝධ කරගත යුතුයි.

     

    යුද්ධය නිසා අනන්ත දුක්විඳි රජරට ජනතාව අද යම් සැනසුමක් ලැබුවා විතරයි. එනිසා නැවතත් යුද්ධයකට අරඅදින පිරිස් වලට කවදත් රජරට ගොවි ජනතාවගේ ආශිර්වාදය හිමිවන්නේ නැහැ.” යැයි කියා සිටියේය.

     

    රඹෑව ප්‍රාදේශීය සභාවේ උප සභාපති රනිල් මාධව මහතා ඇතුළු ප්‍රතිලාභීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

     

    මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් කේ. ගාමිණී රාජකරුණා මහතා, පොල් සංවර්ධනෙ අධිකාරියේ සභාපති අරුණ ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීහු රැසක්ද එක්ව සිටියහ.

    SDF/MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya