මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති දුන් පොරොන්දු ඉටු කරමින් පොල් සංවර්ධන අධිකාරියේ සේවකයන්ට ස්ථීර පත්වීම්

    නොවැම්බර් 26, 2014

    ජනාධිපතිතුමා මෙවර අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාවේ දී සඳහන් කළ පරිදි දින 180ක් සේවය කළ ස්ථීර නොවූ සියලුම සේවකයන් ස්ථීර කිරීමේ වැඩපිළිවෙල යටතේ වසර ගණනාවක් සේවය කළ ද සේවය ස්ථීර නොවූ පොල් සංවර්ධන අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරී හා කළමණාකරන සහකාර තනතුරු සඳහා ස්ථීර පත්වීම් ලබාදීම පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

    පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි.

    මෙම අවස්ථාව ඇමතූ අමාත්‍යවරයා මෙම ස්ථීර පත්වීම් ලබාදීම සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමාට සිය කෘතඥතාවය පළකර සිටි අතර සේවයේ ගෞරවය ආරක්‍ෂා කරමින් පොල් ක්ෂේත්‍රයේ දියුණුවට කටයුතු කරන ලෙසට නව පත්වීම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya