මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, දකුණ සහ මධ්‍යම පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද වැසි Featured

    නොවැම්බර් 26, 2014

    අද (26) දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, දකුණ සහ මධ්‍යම පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට මන්නාරමට රත්නපුරයට උදැසන වැසි ටිකක් සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට මඩකළපුවට මහනුවරට නුවරඑළියට ත්‍රිකුණාමලයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    යාපනයට වැසි වාර කිහිපයක් ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වන විට මි.මී. 31.5ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද  මි.මී. 10.2ක වර්ෂාපතනයක් ත්‍රීකුණාමලයෙන් ද  මි.මී. 31.5ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 29.0°C කොළඹ, ගාල්ල, රත්නපුර, ත්‍රිකුණාමලයෙන් හා යාපනයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.2°C ගාල්ල සහ රත්මලාන ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.3°C නුවරඑළියෙන් ද මි.මී. 88.0ක උපරිම වර්ෂාපතනය පාසිකුඩා ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya