මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සඳහිරු සෑයේ තැන්පත් කෙරෙන ත්‍රිපිටකයේ රන්‍පත් සඳහා ඔබට ද දායකවිය හැක Featured

    නොවැම්බර් 21, 2014
    තිස්වසරක ත්‍රස්තවාදයේ ශාපය මෙ රටින් තුරන් කිරීම ඉතිහාසයේ සනිටුහන් කිරීම වෙනුවෙන් අනුරපුර පුණ්‍ය භූමියේ ඉදිවන "සඳහිරු සෑ"  රඳුන්ගේ ගර්භයේ සර්වඥ ධාතු නිදන් කිරීමේ පුණ්‍යෝත්සවයට සමගාමීව රන්පත්වල ලියන ලද ත්‍රිපිටකය සහ රිදී පත් ඉරුවල ලියන ලද පිරුවානා පොත් වහන්සේ වැසි පිරිත සහ ගිනි පිරිත ද තැන්පත් කිරීමට නියමිතව ඇත.  
     
    ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සිදු කරනු ලබන මෙම පුණ්‍යකර්මය වෙනුවෙන් පොදුවේ සැමට දායකත්වය ලබාදිය හැකිය.
     
    සෑ ගර්භයේ තැන්පත් කිරීමට නියමිත ත්‍රිපිටකය පොත් ගණනින් 61කි. එයට පිටු 16293ක් ඇතුළත් වේ. රන් පත් ඉරුවල ලියන ලද මෙම සම්පූර්ණ ත්‍රිපිටකයේ බර කිලෝ ග්‍රෑම් 4000කට ආසන්න වේ. එය නිර්මාණය කිරීමේ දී වැයවන මුදල සඳහන් පරිදි වේ.
     
    රන් පතක මිල රුපියල් 7500ක් හා කවරයක මිල රුපියල් 40.000ක් වශයෙන් ත්‍රිපිටකය සඳහා වන මුළු වටිනාකම රුපියල්  125,637,500කි.
     
    මෙම රන්පතකට සියදායකත්වය සපයන්නට කැමති සැදැහැවතුන් වෙනුවෙන් පහත සඳහන් ස්ථානවලදී ඒ සඳහා දායක හැකිය. නැතහොත් සඳහිරු සෑ මළුවේ ඇති යුද හමුදා කුටිය 0766 908067, මහනුවර දළදා මාලිගාව අභියස පිහිටුවා ඇති යුද හමුදා කුටිය 07766 907182, මාතර 3වැනි (ස්වේච්ඡා) ගැමුණු කඳවුර ඉදිරිපිට පිහිටුවා ඇති යුද හමුදා කුටිය 0766 907454, කතරගම නගරයේ පිහිටුවා ඇති යුද හමුදා කුටිය 0766 907936, පනාගොඩ බෝධිරාජාරාම විහාරය අසල පිහිටුවා ඇති යුද හමුදා කුටිය 0765303550 අදාළ දුරකථන අංකවලට ඇමතීමෙන් විස්තර ලබාගත හැකි වේ.
     
    DB/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya