මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු ලංකා ඒකාබද්ධ යුධ අභ්‍යාසය 23න් අවසන් Featured

    නොවැම්බර් 20, 2014
    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හමුදා සහයෝගිත්වය වර්ධනය කර ගැනීම වෙනුවෙන් සංවිධානය වන "මිත්‍ර ශක්ති" යුධ අභ්‍යාසය 22 දින කුඩාඔය දී සිදුකරණ අවසන් යුධ අභ්‍යාසය (final excercise) සහ 23 දින හම්බන්තොට දී සිදු කිරීමට නියමිත අවසන් දේශන (closing Address ) සමග අවසන් වීමට නියමිතය.
     
    මෙම යුද අභ්‍යාසය පසුගිය නොවැ: 03 දා ආරම්භ විය.
     
    හම්බන්තොට සහ සහ මොනරාගල දිස්ත්‍රික්ක දෙක පාදක කරගනිමින් සිදුකරන මෙම යුධ අභ්‍යාසය සඳහා ඉන්දීය යුධ හමුදාවේ කමාන්ඩෝ බලකායේ සෙබළුන් සහ නිලධාරීන් 40 දෙනෙක් සම්බන්ධ වන අතර ශ්‍රී ලංකා යුධ හමුදාවේ කමාන්ඩෝ සහ විශේෂ බලකා සෙබළුන්, නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝනයේ මෙන් ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ බලකා සාමාජිකයන් ඇතුළු 200ක පිරිසක් මේ වෙනුවෙන් සහභාගි වේ.
     
    මෙම "මිත්‍ර ශක්ති" යුධ අභ්‍යාසය මෙවර පැවැත්වෙන්නේ දෙවන වරට වන අතර පළමු වරට 2012 වසරේ දී ඉන්දියාවේ දී පැවැත්විණ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya