මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "හෙළ විරු රස උදානය 2014" තෙවන පියවර මිගමුව කඩොල් කැලේ දී Featured

    නොවැම්බර් 20, 2014
    ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් "හෙළ විරු රස උදානය 2014" ශ්‍රී ලාංකීය ආවේණික ආහාර සැණකෙළිය තෙවන දිගහැරුම අද (20) පස්වරු 05:00 සිට 23 දා දක්වා මීගමුව කඩොල්කැලේ ක්‍රීඩාංගණයේ පවත්වන බව බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උභය මැදවල මහතා පැවසීය. 
     
    ඒ මහතා මෙසේ පැවසුයේ කොල්ලුපිටියේ පිහිටි මාධ්‍ය කේන්ද්‍රයේ දී ඊයේ (19) පැවති සතියේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි.
     
    අභාවයට යන ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වලට ආවේණික හෙළ ආහාර වට්ටෝරු සහ බීම වර්ග නැවත සමජගත කිරීම සහ තරුණ පරපුර අතර ප්‍රචලිත කිරීම මෙම ආහාර සැණකෙළියේ අරමුණ වන බවත් මෙහි පළමු පියවර පසුගිය වසන්ත සැණකෙළි සමයේ නුවර එළියේ දී පැවැත්වූ අතර පියවර පසුගිය සැප්තැම්බර් මස 25 වන දින 28 දක්වා මාතර වෙරළ උද්‍යාන තිරයේ දී පැවැත්විණ. එම ප්‍රදර්ශන කුටි නැරඹීම සඳහා ඉතා විශාල පිරිසක් සහභාගි වූ බවත් මෙහිදී මැදවල මහතා ප්‍රකාශ කළේය. 
     
    මෙහි පළමු හා දෙවන පියවරට "හෙළ විරු ‍ රස උදානය" සැණකෙළි වඩා වැඩි නව්‍යතාවයන් සහිතව ඉදිරිපත් කරන බවත් හමුදා සාමාජිකයන් විසින් සකස් කරන ආහාර සහ පාන වර්ග එම මොහොතේම ඉතා සහන මිලකට පාරිභෝගිකයනට රසවිඳීමට හැකි බවත් ඒ වෙනුවෙන් සියලුම රෙජිමේන්තුවලට අයත් ප්‍රදර්ශන කුටි 23ක් විවෘතව පවතින බවත් ඒ මහතා පැවසීය. 
     
    20 වැනිදා සන්ධ්‍යාවේ ආරම්භ වන මෙම සැණකෙළිය 23 වැනි දින දක්වා උදෑසන 11 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මහජනතාවට විවෘත වන අතර සියලුම ආහාර පාන ඉතා ම සෞඛ්‍ය ආරක්‍ෂිතව පිළියෙල කරනු ලබන බවත් ඒ සියල්ල යුධ හමුදා වෛද්‍ය බලකායේ අධීක්ෂණය යටතේ සිදුකරන බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.
     
    මෙවර ද “හෙළ විරු රස උදානය” නමින් හෙළදිව ආහාර ඉතිහාසය සහ පැරණි හෙළ ආහාර වට්ටෝරු රැගත් පොතක් එළිදක්වන අතර සහන පහසු මිලකට එය මිලට ගත හැකි බවත් පැවසු ඒ මහතා සැණකෙළිය පුරාවට තරුණ සහ ළමා පිරිස් වෙනුවෙන් සිය ශක්තිය උරගා බැලීම වෙනුවෙන් විශේෂිත තරග රැසක් හමුදා කමාන්ඩෝ බලකාය විසින් සංවිධානය කරන බවත් යුද හමුදාවට අයත් "කැලිප්සෝ" සංගීත කණ්ඩායම් 50ක් සහ සංස්කෘතික කණ්ඩායම් පැමිණෙන පිරිස් වෙනුවෙන් සංගීත නර්ථන අංග පැවැත්වීමට සුදානමින් සිටින බවත් පැවසීය.
     
    තවදුරටත් මැදවල මහතා ප්‍රකාශ කර සිටියේ මෙය හුදෙක් ලාභ ලැබීමේ අරමුණින් සිදුකරණ ව්‍යාපෘතියක් නොවන බවත් අභාවයට යමින් පවතින හෙළ කෑම වට්ටෝරු නැවත ජනතාව අතරට ගෙනයෑම වෙනුවෙන් දරන උත්සාහයක් බවයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya