මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ සිට කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ.කි.මී. 50 දක්වා ඉහළට

    නොවැම්බර් 17, 2014

    අද (17) කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  


    අද උදෑසන 05.30ට දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    සුළං ඊසාන දෙසින් හමන අතර සුළඟේ වේගය පැ.කි.මී. 20-4‍0ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.


    කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඹබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. සාමාන්‍යයෙන් දිවයින අවට සෙසු මුහුදු ප්‍රදේශ රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya