මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පශ්චාත් ස්වරාජ්‍ය සමය තුළ ශ්‍රී ලාංකේය සැමරුම් සේයා රැගත් රටක දැක්ම ඡායාරූප ප්‍රදර්ශනය කෑගල්ලේ දී Featured

    නොවැම්බර් 16, 2014

    1948 පෙබරවාරි 04 වැනි දිනයෙන් පසුව ශ්‍රී ලංකාව දේශපාලනය තුළ රට කරවූ නායකයින් ජාතියට දායාද කළ මහාර්ඝ දායාදයන් සහ ඒ ආශ්‍රිත සුවිශේෂී සිදුවීම් ඒකරාශී වූ දුර්ලභ ඡායාරූප රාශියකින් සැදුම්ලත් “රටක දැක්ම“ සේයා පෙළහරේ 03 වන අදියර කෑගල්ල නගර ශාලාවේ දී අද (16) ආරම්භ කෙරිණි.

    සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා අතින් ප්‍රදර්ශනය විවෘත කෙරුණු අතර ප්‍රදර්ශනය අද (16) සහ හෙට (17) යන දෙදින තුළ පැවැත්වේ. එය උදෑසන 10.00 සිට ප.ව. 7.00 දක්වා ජනතාවට විවෘතය.

     

    පුරා වසර 30කට අධික කාලයක් විධායක ජනාධිපතිවරුන් සිවු දෙනෙකුගේ නිල ඡායාරූප ශිල්පියා ලෙස සුවිශාල සේවාවක නිරත අත්දැකීම් බහුල ඡායාරූප ශිල්පියෙකු වූ ජනාධිපති ඡායාරූප අධ්‍යක්ෂක ජේ. සුදත් සිල්වා මහතා මෙහි නිර්මාණ අධ්‍යක්ෂකවරයා වෙයි.

    ප්‍රදර්ශනයේ 04 වන අදියර මෙම 20, 21 සහ 22 යන දිනයන්හි නුවර සිටි සෙන්ටර් හිදී පැවැත්වේ.

    SDF

    ex rataka dakma2ex rataka dakma4ex rataka dakma6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya