මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු අපේක්ෂකයා වත්මන් ජනාධිපතිතුමායි

    නොවැම්බර් 12, 2014
    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පොදු අපේක්ෂකයා වෙන කිසිවෙක් නො ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව පරිසර හා පුර්ජනනීය බලශක්ති අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (12) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    "උතුරු නැගෙනහිර පළාත්වල මෙන් ම වතුකරයේ සුළු ජාතීන් නියෝජනය කරන සියලු පක්ෂ මෙන් ම සෙසු පක්ෂ රැසක් වත්මන් ආණ්ඩුවට සහය පළ කරන බැවින් පොදු අපේක්ෂකයා වන්නේ වෙන කිසිවෙක් නො ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි. ජනාධිපතිවරණය සඳහා කවුරු ඉදිරිපත් කළ ද පසුගිය වර මැතිවරණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් මෙවර මැතිවරණය ජයග්‍රහණය කරනවා" යැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    රටේ දැවැන්ත සංවර්ධනයක් සිදු කොට තිබෙනවා. ගම්දනව් කරා සංවර්ධනය රැගෙන ගොස් තිබෙනවා. මේ රටේ ජනතාවට විධායක ජනාධිපති ක්‍රමය ප්‍රශ්නයක් නොවෙයි. විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න යැයි විපක්ෂය විසින් ගෙනවිත් තිබෙන සටන් පාඨය ඉතා දුර්වලයි. අද රටේ සිටින්නේ බුද්ධිමත් ඡන්දදායකයන් පිරිසක්. 
     
    පසුගිය ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන විපක්ෂය ඉදිරිපත් නො වූ බවත් මෙවර ද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීම සැකයට තුඩු දෙන කරුණක් වී ඇති බවත් පෙන්වා දුන් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ දේශපාලන පක්ෂ 12කින් සැදුම්ලත් අතරම පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ සහ තවත් දේශපාලන පක්ෂ දෙකක් පමණක් සන්ධානය විපක්ෂයට අයත් වන බවත් පෙන්වා දුන්නේය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ හැකියාව සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.
     
    පසුගිය වසර 10ක කාලයක තුළ සියලු දර්ශකයන් ඉහළට පැමිණ තිබෙන බවත් මේ වන විට ජාත්‍යන්තර සංවිධාන, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුද වැනි ආයතන පවා ශ්‍රී ලංකාව ආසියාවේ නැගී එන ආර්ථිකයක් හිමි රටක් බව පිළිගෙන තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    මේ සියලු කාරණා සඳහා සාමය, ආර්ථික සංවර්ධනය මෙන් ම ත්‍රස්තවාදය නිමා කිරීම වැනි කරුණු හේතු වූ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මේ සියලු දේ සිදු වූයේ දේශපාලන ස්ථාවරභාවය නිසා යැයි ද වැඩිදුරටත් පැවසීය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya