මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි Featured

    නොවැම්බර් 11, 2014

    අද (11) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට සුදුසු වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුවඅපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දිවයින අභ්‍යන්තර ප්‍රදේශයන්හි තැන් තැන්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසු ව එම වැසි බස්නාහිර සහ වයඹ පළාත් කරා  පැතිර යයි.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට සන්ධ්‍යා හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    මහනුවරට නුවරඑළියට රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    ත්‍රිකුණාමලයට මද වැස්සක් ද අනුරාධපුරයට මඩකළපුවට යාපනයට මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් පවතී.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වන විට මි.මී. 15.9ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමින් ද මි.මී. 8.5ක වර්ෂාපතනයක් හම්බන්තොටින් ද මි.මී. 9.5ක වර්ෂාපතනයක් මත්තලින් ද  වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.°C අනුරාධපුර, ත්‍රීතුණාමලය සහ රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 10.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.1°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 8.6°C නුවරඑළියෙන් ද මි.මී. 11.5ක උපරිම වර්ෂාපතනය තිස්සමහාරාම ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya