මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියළි කාලගුණයේ සුළු වෙනසක්

    නොවැම්බර් 10, 2014

    අද (10) පවතින වියළි කාලගුණයේ සුළු වෙනසක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද  ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    දිවයිනේ අනෙක් කොටස්වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති පැහැබර වූ කාලගුණ තත්ත්වය තවදුරටත් පවතී.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    මඩකළපුවට ත්‍රිකුණාමලයට කොළඹට ගාල්ලට මහනුවරට නුවරඑළියට රත්නපුරයට අනුරාධපුරයට යාපනයට මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් පවතී.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.°C රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.2°C පොලොන්නරුව හා රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.1°C නුවරඑළියෙන් ද මි.මී. 4.0ක උපරිම වර්ෂාපතනය ඉලුඹුළුව වත්ත ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya