නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යුත් හැඳුනුම්පත් ක්‍රමය හරහා විපතට පත්වන්නන්ගේ ප්‍රමාණය නිශ්චිතව දැනගත හැකියි

    නොවැම්බර් 09, 2014
    2016 වසරේ සිට අප රට තුළ විද්‍යුත් ජාතික හැදුනුම්පත හඳුන්වාදීමෙන් පසු ව කාලගුණ විපර්යාස හේතුවෙන් හෝ සිදුවන ඕනෑම ව්‍යසනයකදී විපතට පත්වන්නන්ගේ සංඛ්‍යාව නිශ්චිතව පැවසිය හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සරත් කුමාර මහතා පවසා සිටියේය.
     
    කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ මෙම සතියේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි 
     
    විද්‍යුත් ජාතික හැඳුනුම්පත සඳහා පවුල් ඒකක වශයෙන් තොරතුරු රැස් කරන බව පැවසූ සරත් කුමාර මහතා එහිදී එක් එක් පුද්ගලයාගේ තොරතුරු මෙන් ම එකී පවුල්වල සාමාජිකයන්ගේ ද සියලු තොරතුරු ලබා ගන්නා බවත් එම සියලු තොරතුරු ජාතික මධ්‍ය දත්ත ගබඩාවක තැන්පත් කරනු ලබන බවද ඒ අනුව ඕනෑම අවස්ථාවක දී ඉහත තොරතුරු නිශ්චිත වශයෙන් දැනගත හැකි බව පවසා සිටියේය. 
     
    එසේම නව විද්‍යුත් හැඳුනුම්පත සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කර මේ වන විට එය අමාත්‍ය මණ්ඩල සංදේශයක් ලෙස යවා ඇති බවත් ඒ සඳහා ඉතා නුදුරේදීම අනුමැතිය හිමිවනු ඇති බවත් පැවසූ හෙතෙම එතෙක් ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27ක මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති බවද පවසා සිටියේය.
     
    අලුතින් උපදින පුද්ගලයන්ගේ තොරතුරු ලබා ගනුයේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රට පුරා ඇති ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 331 පුරා ම දෙපාර්තමේන්තුවේ ඒකක 331ක් ස්ථාපනය කර ඇති බවත් එම ඒකක 331 මගින් රට පුරා විසිරී ඇති ග්‍රාම නිලධාරී වසම් 14022ක ම ආවරණය කරනු ලබන බවත් පවසා සිටි අතර මෙහි සිටින නිලධාරීන් මාර්ගයෙන් රටේ සිදුවන ඕනෑ ම දරු උපතක් හෝ මියයාමක් පිළිබඳ ව දෙපාර්තමේන්තුව දැනුවත් කරනු ලබන බවත් ඒ අනුව දිනපතා ම මධ්‍ය දත්ත ගබඩාව යාවත්කාලීන වන බවත් අනාවරණය කර සිටියේය.
     
    එසේ ම මෙම මධ්‍ය දත්ත ගබඩාවේ ඇති තොරතුරුවලට අනුව ඉදිරියේ දී එකී පවුලක සිටින වයස අවුරුදු 16ට අඩු දරුවෙකු අවුරුදු 16 සම්පූර්ණ කරන විට ම දෙපාර්තමේන්තුව විසින් ඒ බව දන්වා ඔහු හෝ ඇය සඳහා නව විද්‍යුත් ජාතික හැදුනුම්පතක් ලබා ගන්නා ලෙසට එකී පවුල දැනුවත් කරනු ලබන බවද ඒ අනුව එම කාර්යය සඳහා වසරක පමණ කාලයක් ලබා දෙන බවද සඳහන් ක‍ළේය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya