මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රදේශ රැසකට වැසි Featured

    නොවැම්බර් 05, 2014

    අද (05) දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    මඩකළපුවට ත්‍රිකුණාමලයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    අනුරාධපුරයට කොළඹට ගාල්ලට නුවරඑළියට මහනුවරට රත්නපුරයට වැසි වාර කිහිපයක් ඇති වේ.

    යාපනයට මන්නාරමට වැසි ස්වල්පයක් ඇතිවිය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 81.9ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 8.6ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 18.7ක වර්ෂාපතනයක් කටුනායකින් ද මි.මී. 19.7ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 46.7ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ද මි.මී. 27.7ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 27.8ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.°C රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.9°C මඩකළපුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.5°C නුවරඑළියෙන් ද මි.මී. 76.1ක උපරිම වර්ෂාපතනය ගල්ගමුව ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya