මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක දෘෂ්ටි දිනය අද යි

    ඔක්තෝබර් 09, 2014

    ලෝක දෘෂ්ටි දිනය අද (09)යි. සෑම වසරක ම ඔක්තෝබර් දෙවන සතියේ බ්‍රහස්පතින්දා දිනය ලෝක දෘෂ්ටි දිනය ලෙස නම් කර ඇත.


    අද දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ "විෂන් 2020" ලේකම් කාර්යාලය සංවිධානය කළ මහජනතාව දැනුවත් කිරීමේ පාගමනක් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසලින් ආරම්භ වේ.  මේ වෙනුවෙන් පැවැත්වෙන සම්මන්ත්‍රණය සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී අද පෙරවරු 10.00ට පැවැත්වේ. 


    මෙරට ළමා හා වැඩිහිටියන් ලක්ෂ 02කට වැඩි පිරිසක් අන්ධභාවයෙන් පෙළෙති. ඉන් 70ක් ඇසේ සුද හේතුවෙන් අන්ධභාවයට පත් ව සිටී. ලෝක ජනගහනයෙන් මිලියන 39කට වැඩි පිරිසක් අන්ධභාවයෙනුත්, මිලියන 285 දෙනෙකු ඇස් පෙනීමේ දුර්වලතාවලිනුත් පීඩා විඳින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මේ අතරින් 80%ක් සුව කළ හැකි තත්ත්වයේ සිටියි. අන්ධභාවයට පත් වූ සහ ඇස් පෙනීමේ දුර්වලතාවලින් පෙළෙන වැඩි පිරිසක් තුන්වැනි ලෝකයේ රටවල ජීවත් වේ. මේ අතරින් 50%කගේ පමණ අන්ධභාවයට හේතු‍ වන ප්‍රධාන ම සාධකය වන්නේ ඇසේ සුද ඇති වීමයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya