මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහරගම ජාතික පිළිකා ආයතනයට විවෘත පාසල් අධ්‍යාපන මධ්‍යස්ථානයක් Featured

    ඔක්තෝබර් 03, 2014

    ලෝක ළමා දිනයට සමගාමී ව මහරගම ජාතික පිළිකා ආයනතයේ විවෘත පාසල් ප්‍රාදේශීය අධ්‍යාපන  මධ්‍යස්ථානයක් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අතින් පසුගියදා විවෘත කෙරිණි.


    අධ්‍යාපන අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව ජාතික පිළිකා ආයතනයේ ඉල්ලීම මත ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් මෙම මධ්‍යස්ථානය පිහිටු වන ලදී. 

    දිවයිනේ ඈත ප්‍රදේශවල දරුවන් දීර්ඝකාලීන ව මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා අතර එහිදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා මෙම අධ්‍යාපන මධ්‍යස්ථානයෙන් අවස්ථාව ලැබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අබේරත්න බණ්ඩාර, ජාතික පිළිකා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.


    NNDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya