මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ සිට හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලට තද සුළං - ධීවර හා නාවික ප්‍රජාව විමසිල්ලෙන්

    ඔක්තෝබර් 03, 2014

    අද (03) පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය ගැන නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.


    කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇතිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ  විටින් විට රළු විය හැක. මේ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන මෙන් මෙම ප්‍රදේශවල නාවික කටයුතුවල යෙදෙන ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලාසිටී.


    සාමාන්‍යයෙන් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ රළු  නො වේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya