මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව 65 වැනි සංවත්සරය සමරයි Featured

    ඔක්තෝබර් 02, 2014
    වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ 65 වැනි සංවත්සර උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (01) බත්තරමුල්ල වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේදී පැවැත්විණි.
     
    1949 ඔක්තෝබර් 01 දින වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත. ලංකාවේ භූමි ප‍්‍රමාණයෙන් 14%ක් තුළ  පිහිටා ඇති ජාතික උයන් 22ක්, අභය භූමි 64ක්, ස්වභාවික රක්‍ෂිත 5ක්, දැඩි ස්වභාවික රක්‍ෂිත 3ක්  පාලනය කරනු  ලබන්නේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසිනි. සමුද්‍ර ජාතික උද්‍යාන 2ක් සහ සමුද්‍ර අභය භූමි 3ක් ද  වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට අයත් වේ. 
     

    මෙහිදී බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට වසර 65ක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද ඡායාරූප තරගයේ සහ රචනා තරගයේ ජයග‍්‍රාහකයන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප‍්‍රදානය කළ අතර ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්තතිය සඳහා ටොප් සෙවන් වයිල්ඩ් ශ‍්‍රී ලංකා සඟරාව එළිදැක්වීමට ද සහභාගී විය. 
     

    මෙම අවස්ථාවට අමාත්‍ය  විජිත් විජිතමුණි සොයිසා, නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
     

    NDH
    01
     
     
    05 1
     
    06
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya