අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය

    අප්‍රේල් 14, 2014

    ශ්‍රී ලාංකීය ජනතාවගේ අනන්‍යතාව රඳා පවතින සංස්කෘතික උරුමයක් වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සියලු රටවාසී ජනතාවට වැදගත්වන්නේ එම සංස්කෘතික මංගල්‍යය සියලු ජනතාව එකට එක්රොක් වී සැමරීම නිසාය. සියලුදෙනා එක සුභ වේලාවක් තුළ ලිපගිනි මෙළවීම, ආහාර පිසීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම ආදී අපේ පැරණි චාරිත්‍ර විධික්‍රම මගින් පවුල තුළ එකමුතුකම, අසල්වාසීන් සමඟ සුහදත්වය ඇති කරයි.


    අලුත් අවුරුද්ද සියලු ම ශ්‍රී ලාංකීයයන් එකට එක්කරන අපේ සුවිශේෂී සංස්කෘතික උත්සවයකි. එවැනි අපේ අස්පර්ශනීය උරුමයන් ආරක්ෂා කරන ශ්‍රී ලාංකේය අප සැමගේ යුතුකමක් වන්නේ අවුරුදු 30ක යුද්ධය නිමාවී උතුරත් දකුණත් සිංහල දමිළ ජනයා එකට එකමුතුව අවුරුදු සැමරීම ඉතා සුවිශේෂී කාරණයකි.

     
    ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික සැමට සාමය හා සතුට සපිරි සෞභාග්‍යමත් නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.
     

    ආචාර්ය ජගත් බාලසූරිය


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya