මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ නව සේනාවිධායක රාජකාරී අරඹයි

    ඔක්තෝබර් 01, 2014
    ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ 7 වන සේනාවිධායක වශයෙන් මේජර් ජෙනරාල් ටී.එන්. ජයසූරිය මහතා පෙරේදා (29) කොළඹ 02, මැලේ වීදියෙහි පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නව ධූරයෙහි රාජකාරී ආරම්භ කළේය.
     
    1982 මැයි මස කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ මොහු දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයෙන් පුහුණුව ලබා තරුණ නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට එක්වූවේය.
     
    එම රෙජිමේන්තුව තුළ විවිධාකාර තනතුරු රැසක් මේජර් ජෙනරාල් ජයසූරිය මහතා උසුලා ඇත. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපොළෙහි මධ්‍යස්ථාන සේනාවිධායක, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේ සේනාවිධායක, සන්නාහ සන්නද්ධ වැඩපොළෙහි නිලධාරී අණදෙන, කටුබැද්ද මූලික වැඩපොළෙහි සේනාවිධායක ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් 2009 වසරේ මැයි විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ධූරයට පත්වීමට ප්‍රථම ඔහු උසුලා ඇත. ඉන් අනතුරුව මේජර් ජෙනරාල් නිලයට පත් වූ මෙතුමා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ යුද හමුදා කර්මාන්ත ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ද මෙයට මාස කිහිපයකට පෙර පත්වීම් ලැබීය.
     
    නව ධූරයේ රාජකාරී ඇරඹූ මේජර් ජෙනරාල් ජයසූරිය මහතා සඟරුවනේ සෙත් පිරිත් ආශිර්වාද මධ්‍යයේ අදාළ ලියකියවිලිවලට අත්සන් තැබීය.
     
    ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථානයේ දී හමුදා සම්ප්‍රදානුකූලව මේජර් ජෙනරාල් ජයසූරිය වෙත සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද පැවැත්විණ.
     
    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya