මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශගුණික විපර්යාස සහ ශ්‍රී ලංකාවට අවශ්‍ය බලශක්ති මිල සූත්‍රය පිළිබඳ ව සම්මන්ත්‍රණයක්

    ඔක්තෝබර් 01, 2014

    දේශගුණික විපර්යාස සහ ශ්‍රී ලංකාවට අවශ්‍ය බලශක්ති මිල සූත්‍රය පිළිබඳ ව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මන්ත්‍රණයක් අද (01) පස්වරු 3.30ට පදනම් ආයතනයේදී පැවැත්වේ.


    ශ්‍රී ලංකාවට බලශක්ති මිල සූත්‍රයක (විදුලි හා තෙල්) අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමුකරමින් බලශක්ති සංසදය විසින් මෙය සංවිධානය කොට තිබේ. 

    එහිදී ''ශ්‍රී ලංකාවට ගැළපෙන බලශක්ති මිල සූත්‍රයක්'' යන තේමාව ඔස්සේ විශේෂ දේශනයක් අමාත්‍යවරයා විසින් සිදු කිරීමට නියමිතය.

    මෙම සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකාවේ බලශක්ති ප්‍රතිපත්තිය, ශ්‍රී ලංකාවේ බලශක්ති මිල සූත්‍රයේ භාවිතයන්, ලෝක දේශගුණික විපර්යාස සමුළුව සහ ඉදිරි ගමන් මඟ පිළිබඳව විශේෂ දේශන ඔස්සේ සාකච්ඡා කෙරේ. 

    බලශක්ති සංසදයේ අශෝක අභයගුණවර්ධන, ලංකා විදුලිබල මණ්ඩලයේ බන්දුල තිලකසේන සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාංචන සිරිවර්ධන යන මහත්වරුන් විසින් මෙහිදී දේශන සිදුකරනු ලබන අතර ජාත්‍යන්තර බලශක්ති උපදේශක ආචාර්ය අනිල් කබ්රාල් මහතා විසින් සාකච්ඡාව මෙහෙයවනු ලබයි.
       
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya