අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වල්ලපට්ටා ශාකය ආරක්ෂා කර ගැනීමට නම් එය කෘෂි වනවගාවක් ලෙස දියුණු කළ යුතුයි Featured

    අප්‍රේල් 12, 2014

    මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන වල්ලපට්ටා ශාකය ආරක්ෂා කර ගැනීමට නම් එය කෘෂි වනවගාවක් ලෙස දියුණු කිරීමට පියවර යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී 2014 ගොවි සතිය සහ කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය පැවැත්වීම සම්බන්ධයෙන් පැවති පූර්ව සාකච්ඡාවකට සහභාගීවෙමින් පැවසීය.


    නිකරුණේ වල්ලපට්ටා ශාකය විනාශ කිරීමට මිනිසුන් පෙළඹී ඇත්තේ ඒ පිළිබඳ ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති නිසයි. එම තත්ත්වය වැළැක්වීමට වල්ලපට්ටා ශාකයේ වැදගත්කම පිළිබඳ අවබෝධය ජනතාව වෙත ගෙනයාම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    ගොවි සතිය සඳහා දිස්ත‍්‍රික්කයේ සෑම ගොවි සංවිධානයක්ම සම්බන්ධ කරගැනීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපේක්ෂාව වන බව පැවසූ අමාත්‍යවරයා සෑම ගොවියෙකුටම ගොවි සතිය තුළින් කුමන හෝ ප‍්‍රතිලාභයක් ලබාගැනීමට අවස්ථාව සැලසිය යුතු බවද කීය. තෙත් කලාපයේ වී ගොවිතැන් කරන ගොවීන්ට ලාභ ලැබිය හැකි ගොවිතැනක් පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කර දීම වැදගත් වේ. කෘෂි කර්මාන්තයට නව උපක‍්‍රම හඳුන්වා දුන්න ද ඒ පිළිබඳ ගොවීන් තුළ පවතින අනවබෝධය නිසා ඒවා භාවිත කිරීමට ගොවීන් උනන්දුවන්නේ නැහැ. එම අනවබෝධය දුරුකිරීමට අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම ගොවි සතියට සමගාමීව සිදුකිරීමට නියමිතය. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සමඟ එක්ව ගොවීන්ට අවශ්‍ය පුහුණු වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු සැලසුම් කර තිබෙන බවද ඔහු පැවසීය.

    2014 ගොවි සතිය සහ කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය සම්ප‍්‍රදායික ප‍්‍රදර්ශනයක් වීමට ඉඩ නොදී සත්‍ය වශයෙන්ම කෘෂිකර්මාන්තයේ ප‍්‍රගමනය උදෙසා යොදාගැනීම වැදගත් වනු ඇත. කෘෂිකර්මාන්තය යනු වී ගොවිතැන පමණක් නොවේ. කුමන බෝගයක් වගා කළ ද ඒ සියල්ල කෘෂිකර්මාන්තයට අදාල වේ. මාතර දිස්ත‍්‍රික්කය තුළ කුරුඳු, ගම්මිරිස් වැනි සුළු අපනයන බෝග සාර්ථකව වගා කෙරේ. ගම්මිරිස් පොත්ත පිටින් වියලා කළු ගම්මිරිස් පමණක් නිෂ්පාදනය කළත් ඊට වඩා ලාභයක් ඉපැයිය හැක්කේ සුදු ගම්මිරිස් නිෂ්පාදනය තුළින්ය. ගොවීන්ට සැබෑ ලෙසම ලාභ ඉපැයිය හැකි අවස්ථා හඳුන්වා දී කෘෂි ක්ෂේත‍්‍රය තුළ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉලක්කයයි. ගොවි සතිය සාර්ථක කර ගැනීමට සෑම ගොවියෙකුගේම දායකත්වය කුමන හෝ මට්ටමකින් ලබාගැනීම අමාත්‍යාංශයේ අරමුණ බවද ඔහු පෙන්වා දුන්නේය.

    මෙවර ගොවි සතිය තුළ වස විස නැති ආහාර පිළිබඳව මෙන්ම රසායනික පොහොර භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරයි. තවමත් ගොවීන් අතර පවතින වැඩි අස්වැන්නක් වෙනුවෙන් රසායනික පොහොර වැඩි වශයෙන් පසට එක් කළ යුතුය යන අදහස දුරු කිරීමට දැනුවත් කිරීමේ වැඩසටහන් ක‍්‍රියාවට නැංවීම කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයට සමගාමීව සිදු කිරීමට නියමිතය. වස විස නැති ස්වභාවික දේශීය ආහාර ප‍්‍රචලිත කිරීම සම්බන්ධයෙන් ද විශේෂ වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර තිබේ. දිස්ත‍්‍රික්කයේ තරුණ දායකත්වය ද ලබාගෙන 2014 ගොවි සතිය සහ කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය සෑම ගොවියෙකුටම ප‍්‍රතිලාභ හිමිවන දේශීය කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධියට හේතුවන ඵලදායී ව්‍යාපෘතියක් වනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya