මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහතික මිලට සතොසට අල මිලදී ගැනීම අස්වැන්න නෙළා‍ අවසන් වන තෙක්

    සැප්තැම්බර් 19, 2014


    රජය නියම කළ සහතික මිලට ස.තො.ස. අල මිලදී ගැනීම අස්වැන්න නෙළා‍ අවසන් වන තෙක් ම අඛණ්ඩව සිදු කරන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.


    20 වැනිදායින් පසු රජය සහතික මිලට අල මිලදී ගන්නේ නැති බවට ඇතැම් දේශපාලන පක්ෂ සිදු කරන ප්‍රචාරය බොරුවක් බව පවසන අමාත්‍යවරයා ඔවුන්ගේ එම අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී කටයුතු කරන ලෙසද ජනතාවට දන්වා සිටියි. බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් නො ව යාපනයේ අල සහතික මිලට ලබා ගැනීම මේ වන ‍විටත් ආරම්භ කර තිබේ.


    මේ වන විට දඹුල්ල හා ඒ අවට ප්‍රදේශවල ලොකු ලූනු අස්වැන්න ලැබෙමින් පවතින අතර රජය මගින් රුපියල් 60ක සහතික මිලකට ලූනු මිලදී ගැනීමද මේ වන විට ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.


    ඉදිරියේදී වියළි මිරිස් මිලදී ගැනීමද මේ ආකාරයෙන් ම සිදු කරන බව පැවසූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, අල, ලූනු, මිරිස්, මුංඇට, කවුපි, සෝයා ඇතුළු දේශීය වගාවන් සිදු කරන ගොවියා ආරක්ෂා කර ඉහළ මිලක් ලබාදීම සඳහා එම ආදායම් නෙළන කාලයට විදෙස් රටවලින් ආනයනය කිරීම තාවකාලිකව නවත්වන බවයි. ඒ අනුව ලූනු අස්වැන්න වැඩියෙන් ලැබෙන විට ලූනු ආනයනයද නවතා දැමීමට අදහස් කර තිබේ. 

    ස.තො.ස. ඊයේ (18) වන විට අල කිලෝ ලක්ෂ පහළොවකට ආසන්න ප්‍රමාණයක් මිලදී ගෙන ඇත. අස්වැන්න නෙළීම ලබන නොවැම්බර් දක්වා ම සිදු කෙරේ. ස.තො.ස. මිලදී ගැනීම් මධ්‍යස්ථාන ඒ දක්වා ම ක්‍රියාත්මකව පවතින අතර ලබන වසරේදී ද ඒ ආකාරයෙන් ම මිලදී ගැනීම් සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya