මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020දී ලෝක අවධානය දකුණු ආසියාවට

    සැප්තැම්බර් 12, 2014
    2020 පමණ වන විට මහජන චීන සමුහාණ්ඩුව ලෝක බලවතා වන බවට හඳුනාගෙන ඇති අතර ඒ සමඟින් දකුණු ආසියානු කලාපයේ ඇතිවන සීග්‍ර දියුණුව හරහා ලෝකයේ අවධානය දකුණු ආසියානු කලාපයට යොමුවන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ජගත් ජයසූරිය මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ලෝක අවධානය දකුණු ආසියානු කලාපය කෙරෙහි යොමුවීම හරහා මෙම කලාපයේ ආරක්ෂාව පිළිබඳ ව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් ජයසුරිය මහතා පෙන්වා දුන්නේය.
     
    මෙහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා විසින් නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු සහ ගිනිකොනදිග ආසියානු කලාපයේ රටවල ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් කොළඹ පැවැත්වීමට නියමිත සමුළුව පිළිබඳ ව තොරතුරු අනාවරණය කරන ලද අතර ඒ වෙනුවෙන් වු වෙබ් අඩවියක් අන්තර්ජාලයට එක් කිරීම ද සිදු විය.
     
    මෙම සමුළුව සංවිධානය කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අනුබද්ධව මහ ලේකම් කාර්යාලයක් ද ස්ථාපනය කෙරෙනු ඇත.
     
    මේ වන විට මාල දිවයින්, මැලේසියාව, නේපාලය, පාකිස්තානය වැනි රටවල් කිහිපයක් ඔවුන්ගේ පැමිණීම ස්ථීර කොට ඇති බවත් නිරීක්ෂකයන් වශයෙන් සහභාගිවන රුසියානු සමුහාණ්ඩුව නියෝජනය කරමින් එරට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පැමිණීම ස්ථීර කොට ඇති බවත් ජගත් ජයසුරිය මහතා පැවසීය.
     
    මෙහිදී රටවල් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට මෙන් ම අත්දැකීම් බෙදාහදා ගැනීමටත් බලාපොරොත්තු වේ. මෙම සමුළුව සම්මන්ත්‍රණයක් ආකාරයෙන් නො ව සාකච්ඡාවක් ආකාරයෙන් පැවැත්වීමට නියමිතය.
     
    DB
     
    02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya