මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහිඳු සෙත් මැඳුරට පිහිනුම් තටාකයක්

    සැප්තැම්බර් 11, 2014

    යුද්ධයේදී පූර්ණ ආබාධිත තත්ත්වයට පත් රණ විරුවන් ජීවිත කාලයේදී ම රැකබලාගැනීම සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව අත්තිඩියේ ඉදිකරනු ලැබූ මිහිඳු සෙත් මැඳුරෙහි නව පිහිනුම් තටාකයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයක් අද (11) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.


    මිහිඳු සෙත් මැඳුරේ ප්‍රතිකාර ලබන රණ විරුවන් හට අවශ්‍ය ජල පීඩක ප්‍රතිකාර ලබාගැනීමේ අරමුණින් ඉදි කරනු ලබන මෙම පිහිනුම් තටාකය සඳහා මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මිහිඳු සෙත් මැඳුරට අයත් භූමිභාගයේ ඉදිරි පරිශ්‍රයේදී අයෝමා රාජපක්ෂ මහත්මිය විසින් මුල්ගල තබන ලදී.

     

    තරුණ ඉදිකරන්නන්ගේ එකමුතුව විසින් සැලසුම් සකස් කරන ලද මෙම නව පිහිනුම් තටාකය සඳහා රුපියල් මිලියන 28ක් පමණ වැය වෙතැයි ගණන් බලා තිබේ.

     

    අක්කර 46ක භූමි භාගයකින් සමන්විත අත්තිඩිය නමැති හරිත වර්ණයෙන් යුත් ග්‍රාමයේ කුරුළු පාරාදීසයට සමීපව 2011 මැයි 31 දින විවෘත කරන ලද මෙම මිහිඳු සෙත් මැඳුර කලබලකාරී වාතාවරණයෙන් මිදී සිය ජීවිතයේ ඉදිරි කාලය ගෙවීම සඳහා මෙහි නේවාසිකව සිටින රණ විරුවන්ගේ ගත සිත සනහාලන සොඳුරු ස්ථානයක් බවට මේ වන විට පත් ව ඇත. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් වර්ධනය කිරීමට මෙම නව පිහිනුම් තටාකය මඟින් මහඟු දායකත්වයක් සැපයෙනු ඇත.

    මුල්ගල් තැබීමේ අවස්ථාව සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී ඉන්දු රත්නායක මහත්මිය, තරුණ ඉදිකරන්නන්ගේ එකමුතුවේ නිලධාරීන්, මිහිඳු සෙත් මැඳුරේ සේවය කරන නිලධාරීන්, සෙසු නිලයන් හා ප්‍රතිකාර ලබන රණ විරුවෝ ද සහභාගී වූහ.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya