අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිසට ඡන්දය ලබාදීමට ඇති හැකියාව සොයා බලනවා Featured

    ජූලි 28, 2020

    කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයන් වීම නිසා නිවසේ නිරෝධායනයට ලක්කර සිටින ඡන්ද දායකයන්ට ජූලි මස 31 වැනිදා වෙනුවට ලබන 05 වැනිදා ඡන්දපොළට පැමිණ ඡන්දය ලබාදීමට අවස්ථාව ලබා දී ඇති බවත්, ඒ අනුව ඔවුන්ට සාමාන්‍ය ඡන්ද දායකයන් ඡන්දය ලබාදීමෙන් අනතුරුව අමතර කාලයක් හෝ ලබාදී ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව සළසන බවත්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ මැතිවරණ කොමිසමේදී පක්ෂ ලේකම්වරු සහ පක්ෂ සාමාජිකයන් සමඟ පැවති රැස්වීමේදීය.

    එසේවුවද මේ ආකාරයට ඡන්දපොළය පැමිණිමට හැකියාවක් ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා විසින් එසේ පැමිණීම ගැටලුවක් නොවන බව නිල නිවේදනයක් මගින් දැනුම් දීමෙන් අනතුරුව බවද දේශප්‍රිය මහතා පැවසීය.

    කෙසේ වෙතත් මේ වන විට නිවසේ නිරෝධායනය වන පිරිස මගින් කොරෝනා වැළඳීමේ හැකියාව ඇත්තේ නොමැති තරම් බවත්, තමා සෞඛ්‍ය අංශ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඔවුන් පැවසුවේ එවැනි අවස්ථාවක් නොමැති බවත් මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

    කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිසට ඡන්දය ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද සොයාබලන බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

    එසේ වුවද එම ස්ථානවලට යාමේ හා ඡන්දය පැවැත්වීමේ අපහසුව මත එය සිදුකිරීමට දුෂ්කර බවද දේශප්‍රිය මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya