මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ටෙම්පස්ට් එක්ස්ප්‍රස් - 24 ” දින 09ක් පුරා ශ්‍රී ලංකාවේ දී

    මාර්තු 31, 2014

    ඇමරිකා එක්සත් ජනපද පැසිපික් ආඥා බලප්‍රදේශ මූලස්ථානයේ සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන “ටෙම්පස්ට් එක්ස්ප්‍රස්- 24”මාණ්ඩලික වැඩමුළුව හෙට (01) සිට ලබන 09 වැනි දා දක්වා කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්වේ.


    මෙම අන්තර්ජාතික වැඩමුළුව සඳහා ශ්‍රී ලාංකීය ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 23 දෙනෙකු ද, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් නිරීක්ෂකයන් 21 දෙනෙකු ද සහභාගී වේ. ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපද නිලධාරීන් 20 දෙනෙකු ද, වියට්නාම්, කැනඩා, බංග්ලාදේශ්, ඕස්ට්‍රේලියා, පිලිපීන්, නවසීලන්ත, නේපාල, මාලදිවයින්, කාම්බෝජ්, ඉන්දුනීසියා, මලයාසියා, මොංගෝලියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ ජපානය නියෝජනය කරමින් විදෙස් නියෝජිතයන් 26 දෙනෙකු ද සහභාගී වීමට නියමිත ය.

    හෙට පෙරවරු 8.30 පැවැත්වෙන සමාරම්භක උළෙල ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ජගත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    ලබන අප්‍රේල් 09 පෙරවරු11.00ට පැවැත්වෙන සමාප්ති උළෙල නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මිෂෙල් ජේ. සීසන් මහත්මිය විශේෂ ආරාධිත ඇමරිකානු නියෝජිතවරිය වශයෙන් සහභාගී වනු ඇත.

    ආසියා - පැසිපික් කලාපයේ හදිසි ආපදා තත්ත්වයක් හෝ වෙනත් හදිසි අවශ්‍යතාවක දී අන්‍යෝන්‍ය සහයෝගයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වන සහයෝගිතාව සහ හැකියාව වර්ධනය කර ගැනීම මෙම වැඩමුළුව තුළින් ලැබෙන විශේෂ ප්‍රතිලාභයක් සේ සැලකේ.

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya