අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියළි කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන

    පෙබරවාරි 25, 2017

    දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක ජනතාව පීඩාවට පත්ව ඇති අතර ගොවිබිම් අක්කර ගණනින් විනාශයට ලක්වෙමින් පවතින බවත්, එම ප්‍රමාණය කොතෙක්ද යන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තක්සේරු කිරීම් සිදු කරන බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.

    මේ අනුව විනාශයට ලක්වු ගොවිබ්ම් හිමි ගොවීන්ට මාර්තු මස සි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ට මාස හතරක කාලයක් අඛණ්ඩව වන්දි ලබාදීමට රජය තීරණය කර ඇත. එහිදී විනාශ වු කුඹුරු අක්කරයක් සඳහා රුපියල් 10,000 ක වන්දි මුදලක් ගෙවීමටත්, සෙසු කෘෂි බෝග වගාවන්ටද මෙම වන්දිය ලබාදීමටත් සැලසුම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවි සංරක්ෂණ මණ්ඩලය සදහන් කරයි.

    මේ වන විටත් අධික වියලි කාලගුණයක් පවතින ත්‍රිකුණාමලය, කළුතර, ගම්පහ, හම්බන්තොට, මොණරාගල,   අනුරාධපුරය, යාපනය,  මුලතිව්, කිලිනොච්චි, වව්නියාව, රත්නපුර,කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, මහනුවර, මාතලේ යන දිස්ත්‍රික්ක 16 හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 103 ක පවුල් 228,906 ක පුද්ගලයින් 899,235 ක්  ආපදාවට මුහුණ පා සිටිති.

    මේ අනුව දැඩි වියලි කාලගුණයක් සහිත දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා දැනටමත් මුදල් අමාත්‍යාංශය රුපියල් මිලියන 50 ක ප්‍රතිපාදන වෙන්කර ඇත.

    දිස්ත්‍රික් ලේකම්වරුන්  මැදිහත්ව  ප්‍රාදේශීය  ලේකම් කාර්යාල මට්ටමින් පානීය ජල අවශ්‍යතා සැපයීම සදහා එනම්, ජලය සදහා ගෙවීම්, ජලමුලාශ්‍ර පිරිසිදු කිරීම්, ජල බවුසර් රථ සදහා ඉන්ධන, බවුසර්වල රියදුරන්ගේ  සහ රිය සහායකයින්ගේ අතිකාල දීමනා හා  පරිපාලන වියදම් ආදිය වෙනුවෙන් මේවනවිටත් රජය රුපියල් මිලියන 32 ක් වියදම් කර ඇත. ඊට අමතරව ලීටර් 1000 ජල ටැංකි 2370 ක් පානීය ජල අවශ්‍යතා සදහා සපයා දී ඇති අතර තවත් ජල ටැංකි 3,000 ක් ලබාගැනීමට ඇණවුම් කර ඇති බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya