මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට වරාය ආශ්‍රිත සංවර්ධන කලාපයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ සාකච්ජාවක්

    පෙබරවාරි 07, 2017

    හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවට පීඩාවක් නොවන අයුරින් මෙන්ම යෝජිත හම්බන්තොට කර්මාන්ත ව්‍යාපෘතියටද යෝග්‍ය අයුරින් සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවිය යුතු බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    හම්බන්තොට වරාය ආශ්‍රිත සංවර්ධන කලාපයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ සාකච්ජාවක් එම කලාපය පිළිබඳව පත්කළ කමිටු සාමාජිකයන් සහ රාජ්‍ය නිළධාරීන් අතර ඊයේ (06) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    කමිටුවේ සාමාජිකයන් වන හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා සහ  නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

    මෙහිදී කමිටු සාමාජිකයන් සහ රාජ්‍ය නිලධාරීන් හම්බන්තොට සංවර්ධන කලාපයේ ඉදිරි කටයුතු පිළිබඳව ගැඹුරින් සාකච්ජාවට ලක්වීය.

    ඒ අනුව දැනට අත්පත්කරගෙන ඇති ජනාවාස නොවන ප්‍රදේශ කර්මාන්ත කලාපය සඳහා යොදාගැනීමට හැකිබව පෙන්වා දුන් සාගල රත්නායක අමාත්‍යවරයා ඊට අමතරව අවශ්‍ය වන ව්‍යාපෘතීන් සඳහා දැනට රජය සතුව පවතින ඉඩම් යොදාගැනීමට ඇති හැකියාව සොයාබලන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඉඩම් යොදාගැනීමේදී හැකිතාක් ජනාවාසවලින් තොර රජය සතු ඉඩම් පිළිබඳ අවදානය යොමුකිරීම සුදුසු වන බවයි.

    හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් කියා සිටියේ හම්බන්තොට වරාය ආශ්‍රිත කර්මාන්ත කලාපය සඳහා පසුගිය රජය සමයේ වෙන් කර, දැනට නිරවුල් කරගෙන ඇති ඉඩම් සහ ජනාවාස අඩු ප්‍රදේශවලින් අවශ්‍ය ඉඩම් පහසුකම් සපුරාගැනීම වඩාත් යෝග්‍ය වන බවයි. එසේම ඉදිරියේදී අවශ්‍ය උවහොත් සංවර්ධනය සඳහා යොදාගන්නා ප්‍රදේශවල ජනතාවට පවතින නිවාසවලට වඩා හොඳ නිවාස සහ ඉඩම් ලබාදිමට ඇති හැකියාවද විමසා බැලිණි. ඒ අනුව ජනතාවට හානියක් නොවන අයුරින් හම්බන්තොට කර්මාන්තපුරයේ කටයුතු සඳහා සහය දක්වන බවද ඒ මහතා විසින් සඳහන් කළේය.

    මෙහිදී අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, මහින්ද අමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන්ද කර්මාන්තපුරයේ යෝජිත ව්‍යාපෘතීන් පිළිබඳ සහ ජනතාවට අවම බලපෑමක් වන අන්දමින් හම්බන්තොට සංවර්ධන වැඩසටහන සිදුකළ හැකි ආකාරය පිළිබඳව ද අදහස් දක්වනු ලැබීය. ඒ අනුව දැනට යෝජිත නිරවුල් කරගන්නා ලද ඉඩම් යොදාගනිමින් කර්මාන්ත පුරයේ මුල් අදියර ආරම්භ කිරීමටත් ඉන් අනතුරුව අවශ්‍ය පරිදි ජනතාවට සිදුවන අපහසුතා අවමවන පරිදි සෙසු ව්‍යාපෘතීන් ඇරඹීම පිළිබඳව ද එකඟතාවයකට එලඹිණි. ඒ අනුව ඉදිරි කටයුතු අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර සිදුකිරීමට සහ නැවත කමිටුව තවත් පාර්ශව කිහිපයක් සමඟ එක්ව රැස්වීමටද යෝජනා කරගනු ලැබිණි. එසේම මෙම කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන පිළිබඳ ජනතාවට අනියත බියක් ඇතිකරගැනීමට අවශ්‍ය නැති බව රාජ්‍ය නිලධාරීන් මට්ටමෙන් දැනුවත් කිරීමටද මෙහිදී යෝජනා විය.

    එසේම මෙම අවස්ථාවට එක්වූ දක්ෂිණ සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුලු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන්ද කමිටුව හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ දැනට මුලික කර්මාන්ත පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යවන බිම් ප්‍රමාණයන් දක්ෂිණ සංවර්ධන මණ්ඩලය මගින් හඳුනාගෙන නිරවුල් කරගෙන ඇති බවත්ය. ඊට අමතරව අවශ්‍යවන ඉඩම් දිස්ත්‍රික් ලේකම්වරයා මගින් සොයා බැලීමට හැකි බවද පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට දකුණු පළාත් විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ මහතා, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම් ජගත් විජේවීර මහතා, දක්ෂිණ සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුලු රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya