මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය වසරේ නිම කළ ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 10 ක්

    ජනවාරි 25, 2017
    පළාත් සභා ඇතුලු සියලු රේඛීය අමාත්‍යාංශවලින් 2016 වසරේ ඉටුකරන ලද සියලු සංවර්ධන කාර්යයන් සඳහා වන බිල්පත් පියවීමට අදාළ මුදල් අදාළ රාජ්‍ය ආයතනවලට කිසිඳු බාධාවකින් තොරව මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරය විසින් ක්‍රමිකව නිකුත් කිරීමේ කිසිඳු ප්‍රමාදයක් නැත.
     
    සාමාන්‍ය ක්‍රමවේදය අනුව ඉදිරිපත් කරනු ලබන බිල්පත් විශාල ප්‍රමාණයක් සඳහා අදාළ වසර තුලදී ම මුදල් නිකුත් කරනු ලැබේ.  එහෙත් වර්ෂය අගදී ඉතිරිවන බිල්පත් ඊළඟ වසරේ මුල් කාර්තුව තුළ පියවීමට කටයුතු කිරීම සාමාන්‍ය ගිණුම් ක්‍රියාවලියකි.
    මෙසේ ප්‍රමාද වී ලැබුණු බිල්පත්වලට ගෙවීම් කිරීම සඳහා මෙම වසරේ ජනවාරි තුන්වන සතිය වන විට රුපියල් බිලියන 10ක් පළාත් සභා ඇතුලු රේඛීය අමාත්‍යාංශ වෙත මේ වන විට නිකුත් කර ඇත.
     
    පළාත් සභා හා රේඛීය අමාත්‍යාංශවලින් පසුගිය වසරේ ඉටුකරන ලදුව අවසන් කාර්තුවේ ඉදිරිපත් කරන ලද බිල්පත් සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් නිකුත් කර නොමැතැයි ප්‍රචාරය වූ ප්‍රවෘත්තියෙහි කිසිඳු සත්‍යතාවයක් නොමැත.
     
    ප්‍රමාද වී කරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් වඩාත් විනිවිදභාවයක් ඇතිකිරීමට හැකිවන පරිදි 2016 වසරේ නොගෙවා ඉතිරි ව තිබූ බිල්පත් පිළිබඳ ව එහි වටිනාකම ඇතුලු විස්තර අමාත්‍ය මණ්ඩලයේ දැනගැනීම සඳහා මෙම මස මුලදී ඉදිරිපත් කරන ලදී.  ඒ යටතේ 2016 වසරේ නිමකරන ලදුව 2017 වසරට ගෙනඑනු ලැබූ බිල්පත් පියවීම සඳහා දැනට බිලියන 10ක් නිකුත් කර ඇති අතර, ඉතිරි මුදල් පියවීම සඳහා අවශ්‍ය කටයුතු මහා භාණ්ඩාගාරය විසින් සිදුකරමින් පවතී.
     
    එමෙන්ම, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ඉටුකළ සංවර්ධන කාර්යයන්වලට අදාළ ව රුපියල් මිලියන 5,933ක් 2016 වසරේදී අධ්‍යාපන  අමාත්‍යාංශය හරහා පළාත් සභා වෙත ලබා දී ඇති අතර, ඉතිරි වී ඇති බිල්පත් නිරවුල් කිරීම සඳහා 2017 වසරේ මේ වන විට රුපියල් මිලියන 2,600ක අක් මුදල් අධ්‍යාපන අමාත්‍යාංශයට නිදහස් කර ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya