මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව ජර්මනිය සමඟ වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධනයට සූදානම් - ශ්‍රී ලංකා තානාපති

    මාර්තු 28, 2014

    යුද්ධය නිමකිරීමෙන් පසුව ප්‍රගතියක් ලබමින් ඇති සාමකාමී ශ්‍රී ලංකාව ජර්මනිය සමඟ ආයෝජන සහ වෙළඳ කටයුතු වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බව ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති සරත් කෝන්ගහගේ මහතා පවසයි. ජර්මනියේ බ්‍රීමෙන් හි ආසියා ශාන්තිකර ව්‍යාපාරික සංගමයේ 113 වැනි සංවත්සර උළෙල අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.ඔහු මෙම උත්සවයේ විශේෂ ආරාධිතයා සහ ප්‍රධාන කථිකයා විය. තවදුරටත් කථා කළ සරත් කෝන්ගහගේ මහතා ශ්‍රි ලංකාව ගුවන් සේවා, සාගර. දැනුම,බලශක්ති, සහ වාණිජ යන කේන්ද්‍රීය අංශවල මෙන්ම සංචාරක කර්මාන්තයේ ආයෝජන ඉඩප්‍රස්ථා හඳුනා ගෙන ඇති බව පැවසීය.

     

     

    ජර්මනියේ බ්‍රීමෙන් හි ආසියා ශාන්තිකර ව්‍යාපාරික සංගමය වෙළදාම, කර්මාන්ත, බැංකු  සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් රැසක නිරත ව්‍යාපාරිකයන්ගෙන් සැදුම් ලත් පුළුල් සංවිධානයකි. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය සහ ආයෝජන හා වෙළඳ කටයුතු වෙනුවෙන් ඇති හිතරකර වාතාවරණය සහ පහසුකම් ඔහු මෙම පිරිස හමුවේ විස්තර කළේය. ජර්මනිය යුරෝපා සංගමයේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවේ  වැඩිම ආයෝජන ප්‍රමාණයක් කර ඇති දෙවැනි රටයි. එමෙන්ම
    ශ්‍රී ලංකාවේ උසස් තත්වයේ නිෂ්පාදන රැසක් ජර්මනිය මිලදී ගනී.

     


    SP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya