මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2017දී ඖෂධ ගෙන්වීමට බිලියන 45ක් Featured

    දෙසැම්බර් 09, 2016
    2017 වසරේ දී සෞඛ්‍ය සේවාවට අවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා රුපියල් බිලියන 45ක මුදලක් වෙන්කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මහතා පවසයි. 2016 වසරේ දී ඒ සඳහා වෙන්කර තිබුණේ රුපියල් බිලියන 35කි. 
     
    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නව ඖෂධ නිෂ්පාදන 05ක් වෙළෙඳපොළට හඳුන්වාදීම වෙනුවෙන් කොළඹ දී පැවැති උත්සවයක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 
     
    පැරසිටමොල්, දියවැඩියා සහ ප්‍රතිජීවක ඖෂධ වර්ග 05ක් රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථා කර්මාන්ත ශාලාවේ දී නිෂ්පාදනය කර ඇත. මෙතෙක් එම සංස්ථාව නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ග සංඛ්‍යාව 54 කි. එම ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට පමණක් මෙතෙක් තොඟ වශයෙන් ලබාදී ඇත. අද සිට PMC යන වෙළෙඳ නාමය යටතේ මෙම ඖෂධ වර්ග 05 වෙළෙදපොළට නිකුත් කෙරේ.
     
    රාජ්‍ය අංශයේ ඖෂධ අළෙවියේ පෙරමුණ ගෙන ඇත්තේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධවලින් බහුතරයක් ලබාදෙන්නේ මෙම ආයතන විසිනි. එය අගනා සේවාවක්. සෞඛ්‍ය සේවාව සඳහා මිලියන 45ක ඖෂධ ගෙන්වූව ද ඒ සමාන මුදලක් ඖෂධ පෞද්ගලික අංශය විසින් ද ශ්‍රී ලංකාවට ආනයනය කරනවා. මගේ බලාපොරොත්තුව 2018 වසර මැද භාගය වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වර්ගවලින් සියයට 80 මෙරටදීම නිෂ්පාදනය කිරීමටයි. ඉතිරි 20%   2019 වසරේ දී නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දේශීය සහ විදේශීය සමාගම් 22 ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග ගිවිසුම්වලට අත්සන් කර තිබෙනවා. ඉදිරියේ දී චීන රජය විසින් තත්ත්ව රසායනාගාරය ලංකාවේ ස්ථාපිත කිරීමෙන් පසු ඖෂධ වෙළෙඳ නාමයෙන් ලිවීම තහනම් කරනවා. ඉන් පසු ඖෂධ, ඖෂධ නාමයෙන් පමණයි ලිවිය යුත්තේ. පළමු අදියර යටතේ ඖෂධ වර්ග 48ක මිල අඩු කර තිබෙනවා. දෙවන අදියරේ දී ඉතා වැඩි මිලට විකුණන ඖෂධ වර්ගවල මිල අඩු කිරීමටයි මම බලාපොරොත්තු වන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර, කළමණාකාර අධ්‍යක්ෂ එම්. සුන්දරලිංගම්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ, එහි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් මියුරු භාෂිත යන මහත්වරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සහ ආරාධිත අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya