මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනයනික අර්තාපල් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමේ

    අගෝස්තු 26, 2016
    දේශීය ගොවීන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ආනයනික අර්තාපල් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව ආනයනික අර්තාපල් ක්‍රිලෝග්‍රෑම් එකක් (01) සඳහා මෙතෙක් අය කළ රුපියල් 35ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද (24) දා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 40 දක්වා ඉහළ දමා තිබේ.
     
    දේශීය අර්තාපල් අස්වැන්න වෙළෙඳපොළට පැමිණීමේ දී එම ගොවීන්ට ඉහළ මිලක් ලබා දීම මෙම බදු ඉහළ නැංවීමේ අරමුණයි. අර්තාපල් සඳහා ඉහළ මිලක් ලබා දෙන ලෙස ගොවීන් දිගින් දිගට ම කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් රජය මගින් මෙම පියවර ගැණින.
     
    ශ්‍රී ලංකාවේ වාර්ෂික අර්තාපල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 180,000ක් පමණ වන අතර, ඉන් 70%ක ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි. මේ වෙනුවෙන් රජය වාර්ෂිකව වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 4,800ක් පමණ වේ. මෙම වියදම අවම කර ගැනීමේ අරමුණෙන් දැනට 30%ක් පමණ වන දේශීය අර්තාපල් අස්වැන්න සපයන ගොවීන් දිරිමත් කරමින් ඔවුන්ට ඉහළ මිලක් ලබා දීම සඳහා මෙම බදු ඉහළ නැංවීම සිදු කර ඇත. එමෙන් ම අල ගොවීන්  දිරිමත් කරමින්, ක්ෂේත්‍රයේ ඵලදායීතාව ඉහළ නැංවීමට ද මෙමගින් අපේක්ෂා කෙරේ. 
     
    අර්තාපල් සඳහා මේ වන විට පාලන මිලක් ක්‍රියාත්මක බැවින්, මෙම බදු ඉහළ නැංවීමෙන් කිසිසේත් ම පාරිභෝගිකයාට බලපෑමක් ඇතිවීමේ හැකියාවක් නොමැත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya