මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව හරියට සපයා දෙනවා- අගමැති Featured

    මැයි 03, 2016

    හිටපු ජනාධිපතිතුමා අරක්ෂා කිරීමට අපි සියලු දෙනාටම වුවමනයි.මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව හරියට සපයලා දෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා සිටි හමුදා නිලධාරීන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    අපි සියලු දෙනාටම වුවමනයි, හිටපු ජනාධිපතිතුමා අරක්ෂා කිරීමට.එතුමා හිටියේ නැත්නම් කොහොමද අපි බලයට එන්නේ? එතුමා ආරක්ෂා කළ යුතුයි. ආරක්ෂක මණ්ඩලය, කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා,ආරක්ෂාව ලබා දෙන්න.එයට විශේෂයෙන් ම පොලීසිය අරගන්න. අද ජෝර්ජ් බුෂ් ජනාධිපතිතුමාට තියෙන්නේ පොලීසියේ ආරක්ෂාව. එතුමාට අවශ්‍ය ආරක්ෂාව පොලීසියෙන් ලබාගන්න, සංඛ්‍යාව වැඩිකරගන්න වුවමනා නම්, දෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ.අපි ඔක්කෝම ආරක්ෂා කරන්නේ පොලීසියෙන්. එතුමාට ඕන සංඛ්‍යාවක් ලබාදෙන්න අපි කටයුතු කරන්නම්.


    මේ සභාවේ පක්ෂ නායකයින් මුණගැසිලා,එතුමගේ ආරක්ෂාව ගැන කතා කරන්න අවශ්‍ය නම්,අපි ලෑස්තියි මේ ගැන කතා කරන්න.කාටවත් හානියක් වෙන්න වුවමනාවක් නෑ.එතුමට තවත් ආරක්ෂාව වුවමනා නම් අපි ලබාදෙන්නම්.ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.ලෝකයේ සෑම තැනම ආරක්ෂාවට ඉන්නේ පොලීසියයි. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධය ඉවර කළේ නැද්ද? චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට බෝම්බ ගහලා ඇහැක් නැති වුණා.එතුමියටත් ආරක්ෂාව දෙනවා.ඕනෑ කෙනෙකුට ආරක්ෂාව දෙනවා.කිසිම ප්‍රශ්නයක් නෑ.එතුමගේ ආරක්ෂාව වැඩි කරන්න,කිසිම ප්‍රශ්නයක් නෑ.මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව හරියට සපයලා දෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya