මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍යයේ වපසරිය වැඩිවෙමින් පවතිනවා

    මාර්තු 26, 2014

    මේ වන විට ජනමාධ්‍යයේ වපසරිය  වැඩිවෙමින් පවති. අද අපේ දේශපාලන, ආර්ථික, අධ්‍යාපන ආදී සියල්ල ජනමාධ්‍ය කියන පළල් කලාපය අතර බැදී ඇත. ජනමාධ්‍යයෙන් තොරව මේ කිසිම දෙයක් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් දක්නනට ලැබෙන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් මහතා පවසයි.

    අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව පැවසුවේ අද (26) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පවත්වන ලද පුවත්පත් කලාව හා සන්නිවේදන අධ්‍යාපන ඩිප්ලෝමාව  2012/2013 සමාරම්භක උත්සවය හා සහතික ප්‍රදානෝතසව අවස්ථාවට එක්වෙමිනි.


    මෙහිදී ලේකම්වරයා තවදුරටත් පැවසුවේ, ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස ජනමාධ්‍ය නියාමනයට වඩා ජනමාධ්‍ය ආචාර ධර්ම හා බැදී පැවතීම වඩාත් යහපත්බවට විශ්වාසයක් ඇති බවයි. නීතියෙන් බැදුන දෙයක් තුළ කැඩෙන සුළු බවක් පැවතුනත් ආචාර ධර්මයන් හා බැදීම තුළ නිතැතින් ම ස්වයං වාරණයක් පවතින බවද ලේකම්වරයා එහිදී පැවසීය.

    ඩිජිටල් රූපවාහිනිය හෙවත් සමාජගත රූපවාහිනිනී ජාලවල ඩිජිටල් අවකාශ පිළිබඳ රාජ්‍යමය තීන්දු තීරණ ගැනීමට රජය මේ වර්ෂයේ කටයුතු යොදා ඇති බව පෙන්වා දුන් ලේකම්වරයා තවදුරටත් පැවසුවේ, මීට සමඟාමීව චිත්‍රපට ප්‍රක්ෂේපණය පිළිබඳ ඩිජිටල් ප්‍රතිමාන ද මේ වන විට අප ලබාගෙන ඇති බවයි. ඉදිරියේ දී චිත්‍රපට පෙන්වීම මිලිමීටර් 35 සෙලෝලයින් පටියෙන් ඩිජිටල් ප්‍රක්ෂේපණ දක්වා වෙනස් වන බවද පැවසූ ලේකම්වරයා තවදුරටත් පැවසුවේ  අලුත්වන ලෝකයේ අවශ්‍යතාවන්ට අනුව වෙනස් වෙමින් ජනමාධ්‍යද විශාල වශයෙන් වෙනස්වීම්වලට ලක්වෙමින් පවතින බවයි.

    ඒ සඳහා පුවත්පත් මණ්ඩලයේ ප්‍රධාන පරමාර්ථ අතර, වැදගත් අවස්ථාවක් වශයෙන්  පුහුණු වැඩසටහන් පැවැත්වීම හදුන්වාදිය හැකි බවයි.


    මෙම අවස්ථාව සඳහා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීහු රැසක් ද විශ්වවිද්‍යාල ආචාර මණ්ඩලයක් ද එක්ව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya